Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කැපිල්ලෙන් බැටකන "ඇහැළේපොළ කුමාරිහාමි" ගැන කථා පිට කථා

Saturday, July 26, 2014
ඉතිහාස කථාවක් පාදක කරගෙන නිර්මාණ කෙරුණු "ඇහැළේපොළ කුමාරිහාමි" චිත්‍රපටය තිරගතවීමට දින ලංවෙමින් තිබියදී ඊට සිදුව ඇතැයි කියන අසාධාරණක් සම්බන්ධයෙන් ඉකුත් දිනවල වාර්තා වුණා. ඒ එම චිත්‍රපටයේ පළමු වටයේ තිරගතකිරීම් සිනමා ශාලා 35ට පමණක් සීමාකිරීමට සිදුව තිබීමෙන්. 2013 වසරේ ජනවාරි මස 01 වනදාට පසුව නිෂ්පාදනය කෙරුණු සියළු චිත්‍රපටවල පළමු වටයේ තිරගතකිරීම් සිනමා ශාලා 35ට සීමා වියු යුතු බවට නීතියක් ද තිබෙනවා.  "ඇහැළේපොළ කුමාරිහාමි" චිත්‍රපටයටද අදාල සීමාව පැනවූයේ ඒ අනුව බවයි ජාතික චිත්‍රපට සංස්ථාව පවසන්නේ. කෙසේවෙතත් තම චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරුණේ 2012 වසරේදී බවත් ඒ නිසා ප්‍රශ්ණගත සීමාව එම චිත්‍රපටයට පැනවීම සාධාරණ නොවන බවත් එහි නිෂ්පාදකවරයා වන ගයාන් රණධීර පවසනවා. මේ සම්බන්ධයෙන් "මව්බිම" ඉරිදා පුවත්පතේ "හඳගැස්ම" අතිරේකය විසින් පාර්ශව කිහිපයකින් අදහස් විමසා තිබෙනවාත එහිදි පළ කෙරුණු අදහස් පහත පරිදීයි.

ගයාන් රණධීර 



"පිටපත් 35 සීමා තිබුණත් ඊට පිටින් යන්න පුළුවන් අයත් ඉන්නවා. ඒ සදහා පාවිච්චි කෙරෙන්නේ ලිංගික අල්ලස් නැතහොත් දේශපාලන ශක්තිය. සෝමරත්න දිසානායක මහතා දේශපාලන ශක්තිය පාවිච්චි කරලා සිය චිත්‍රපට පිටපත් 35 නීතියෙන් බේරාගත්තා. මාත් ඉදිරියේදී ජනාධිපතිවරයා මුණ ගැසීමට යනවා."

සෝමරත්න දිසානායක 



"අැහැළේපොළ කුමාරිහාමිට සලක්නේ මම අධ්‍යක්ෂණය කරපු සිරි පැරකුම්ට මෙන් නොවීම මටත් ප්‍රශ්ණයක්. අැහැළේපොළ කුමාරිහාමි දැවැන්ත චිත්‍රපටක්. මමත් ඒ වෙනුවෙන් කථාකරනවා. පිටපත් 35 නීතිය ගෙනාවට පස්සේ චිත්‍රපට 08 ට සහන ලැබුණා. ඇහැළේපොළ කුමාරිහාමිට විතරක් ඒ සහනය අහිමි වෙන්න බෑ. මෙතන තියෙන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයාගේ ප්‍රශ්ණයක්. ඔහු තමන් කැමති අයට සහන දෙනවා. අකමැති අයට නෑ"

අශෝක සේරසිංහ (ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති)



"මේක මගේ ප්‍රශ්ණයක් නෙමෙයි අදාල චක්‍රලේඛය ඇමතිතුමා නිකුත් කළ එකක්. මගේ වගකීම ඉහලින් පැනවෙන නීති ක්‍රියාත්මක කිරීමයි."

මහාචාර්ය සුනිල් ආරියරත්න 



"ජාතික චිත්‍රපට සංස්ථාව මේ කරන්නේ මුළු සිනමාව අර්බුධයකට ඇද දැමීම. චිත්‍රපටකරුවෙකු සිය නිර්මාණය ගැන විශ්වාසයක් තියෙනවනම් ඔට හොද රසික ප්‍රතිචාර ලැබෙයි කියලා අනෙක් මණ්ඩල වලට අසාධාරණයක් නොවන පරිදී ඔනෑම පිටපත් ගාණක් ප්‍රදර්ශනය කරන්න ඔහුට අවසර ලැබිය යුතුයි. අනෙක් ප්‍රශ්ණගත පිටපත් 35 නීතියට පිටින් දැනටමත් ඔන තරම් චිත්‍රපට පෙන්වලා තියෙනවා."

සුනිල් ටී පුනාන්දු



"මගේ සීමාව නම් පිටපත් 55 යි. නීතයක් තියෙනවනම් ඊට හිස නැමිය යුතු වුණත් නීතියෙන් රිංගල යන්නත් පුළුවන්.ඒකට ශක්තිය තිබිය යුතුයි. මොන චක්‍රලේඛ නිකුත් කර තිබුණත් මගේ චිත්‍රපට නම් පිටපත් 55 ක් පෙන්වනවා."

තවත් කලා පුවත්

Previous
Next Post »