Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

MH 17 ගුවන් අනතුරින් ශ්‍රී ලාංකික නිළියක් ද මියගිහින්

Sunday, July 27, 2014
යුක්රේන - රුසියානු දේශසීමාව ආසන්නයේදී ඉකුත්දා ප්‍රහාරයකට ලක්වූ MH 17 දරණ මැලේසියානු ගුවන් යානයේ සිට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රංගන ශිල්පිණියක් ද මියගොස් තිබෙනවා. මැලේසියානු පුරවැසිභාවය හිමි ඇය සුභාෂිණී ජයරත්නම්. කෙසේවෙතත් ඇය වඩාත් ප්‍රකටව සිටියේ SHUBA JAY හෙවත් SUBA JAYA ලෙසයි. Spanar Jaya, Gadies 3 සහ Sugumana Sumigal වැනි රූපවාහිනී ටෙලිනාට්‍ය වලින් ද Relationship Status ​සහ Tokakයන චිත්‍රපට හා Four Play, Chalies Auntie සහ Hungry for Hope වැනි වේදිකා නාට්‍ය වලින් ද ඇය රසික සිත් දිනාගත්තා. 38 වන වියේ පසුවූ SHUBA විවාහවී සිටියේ නෙදර්ලන්ත ජාතික Paul Goes සමගයි. ඔවුන්ට Kaela Maya නමින් සිඟිති දියණියක් ද සිදුවුණා. ඔවුන් තුන්දෙනා Paul ගේ මව්පියන් බැලීමට නෙදර්ලන්තයට ගොස් ඇති අතර අදාල ප්‍රහාරයට ලක්වූයේ ආපසු මැලේසියාවට පැමිණෙමින් සිටියදීයි. SHUBA මෙන්ම Paul  සහ Kaela  ද MH 17 යානායේ සිටි සෙසු මගීන් සියළ දෙනා ද ඉන් මියගියා.
SHUBA සිය සැමියා සහ දියණිය සමග ද මිතුරියන් සහ සිය වෘත්තීය කටයුතු වලදී ලබාගත් ඡායාරූප කිහිපයකුයි පහත දැක්වෙන්නේ.










තවත් කලා පුවත්

Previous
Next Post »

1 comments:

Write comments
Niranjan
AUTHOR
8/7/14, 5:06 PM delete

ගුවන් අනතුරන් මිය ගිය නිළිය ශ්‍රී ලාංකිකමද?
http://worldbeyondworld.blogspot.com/2014/07/is-shuba-jay-really-sri-lankan.html

Reply
avatar