Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හොලිවුඩයේ ධනවත්ම නළුවන්

Monday, July 28, 2014
2013 ජුනි මාසයේ සිට 2014 ජුනි මාසය දක්වා වූ වසරක කාලයේදී වැඩිම ආදායම් ලාභි හොලිවුඩ් රංගන ශිල්පීන්ගේ නාමලේඛනයක් Forbes සඟරාව විසින් එළිදක්වා තිබෙනවා. ඊට අනුව ඉදිරියෙන්ම සිටින්නේ අමෙරිකානු රංගන ශිල්පී රොබට් ඩවුනි (කණිෂ්ඨ)යි. Iron Man චිත්‍රපටයේ Iron Man ලෙස විශ්ෂ්ඨ රංගනක යෙදුණු ඔහු මෙම වසරේදී උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 75ක්. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 900 ක් පමණ වනවා. අදාල නාමලේඛනයට අනුව 2013 ජුනි මාසයේ සිට 2014 ජුනි මාසය දක්වා වැඩිම ආදයම්ලාභීන් අතර දෙවැනි ස්ථානයේ පසුවන්නේ ඩ්වේන් ජොන්සන්. Fast & Furious, Luke Hobbs සහ Pain & Gain වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූ ඔහු මෙම වසරේ උපයාගත් ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 52ක්. තුන්වන ස්ථානයේ පසුවන්නේ රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වන බ්‍රැඩ්ලි කූපර්යි. The Place Beyond the Pines සහ The Hangover 3 වැනි චිත්‍රපටවලදී සිය දක්ෂතාව දැක්වූ ඔහු මෙම වසරේදී අමෙරිකානු ඩොලර් මිලියන 46ක් උපයාගෙන තිබෙනවා. හතරවන ස්ථානයේ පසුවන්නේ Titanic නළුවා ලෙස ප්‍රකට ලියනාඩෝ ඩි කැප්‍රිෙයා්යි. 2013 ජුනි මාසයේ සිට 2014 ජුනි මාසය දක්වා ඔහුගේ ආදායම් අමෙරිකානු ඩොලර් මිලියන 39ක්. ක්‍රිස් හැම්ස්වර්ත් අමෙරිකානු ඩොලර් මිලියන 37ක ආදායමක් උපයාගෙන මෙම ලැයිස්තුවේ 5 වැනි ස්ථානයේ පසුවනවා.

රොබට් ඩවුනි (කණිෂ්ඨ)

ඩ්වේන් ජොන්සන්


බ්‍රැඩ්ලි කූපර්


ලියනාඩෝ ඩි කැප්‍රියෝ


ක්‍රිස් හැම්ස්වර්ත්


තවත් කලා පුවත්

Previous
Next Post »