Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජැකලීන්ගේ ආප්පෙට සචිනිත් වහ වැටෙයි

Wednesday, July 30, 2014

බොලිවුඩය ජයගත් ශ්‍රී ලාංකික නිළි ජැකලීන් ෆර්නැන්ඩර්ස් කොළඹදී ආරම්භ කළ "කෑම සූත්‍ර" අවන්හල සම්බන්ධයෙන් පසුගිය දිනවල ලොකු කථාබහක් ඇති වුණා. එම අවහන්හලේ කෑම බීම වල ගණන් මිනුන් සාමාන්‍ය කෙනෙකුට දරාගැනීමට නොහැකි තරම් බවයි ඇතැම් අය කියා සිටියේ. මාධ්‍යවලින් ප්‍රසිද්ධ වූ මිල දර්ශනයනයන්ට අනුව ප්ලේන් ආප්පයක මිල රුපියල් 100 ක්. බිත්තර ආප්පයක් රුපියල් 200 ක් මිල වනවා. 
මේ අතර කවුරුන් කුමන කථා කීවත් "කෑම සූත්‍ර" තමන්ට නම් හිතට ඇල්ලූ බවයි රංගන ශීල්පිණී සචිනි අයේන්ද්‍රා පවසන්නේ. තමන් පසුගිය දිනක එම අවන්හලේදී සුන්දර හා රසවත් රාත්‍රි ආහාර වේලාවක් ලබාගත් බවද ඇය පවසනවා. ඒ සම්බන්ධයෙන් ජැකලීන්ට හා "කෑම සූත්‍ර" ප්‍රධාන සූපවේදී දර්ශන්ට ස්තූතිවන්ත වන බවයි සචිනි වැඩිදුරටත් කියා සිටියේ. 




තවත් කලා පුවත්

Previous
Next Post »