Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පිළිකාවට දියවුණු මනීෂාගේ සුන්දරත්වය

Friday, August 22, 2014
මනීෂා කොයිරාළ යනු කලක් ඉන්දීය සිනමාවට නැතිවම බැරිවූ රංගන ශිල්පිණියක්. 1989 සිට 2012 දක්වා දවාන්, 1942 Love Story, සංගදිල් සනම්, බොම්බේ, අකේලේ හම් අකේලේ තුම්, දුෂ්මනී, කමෝෂි, සනම්, දිල් සේ, බාගී සහ කම්පැනි වැනි චිත්‍රපට ගණනාවකම ඇය සිය රංගන කෞෂල්‍ය නිරූපණය කළා. ඒත් දැන් දැන් ඒ සුන්දරත්වය ඇය කෙරෙන් පලායමින් තිබෙනවා. තවමත 44 වන වියේ පසුවුවත් ඊට වඩා වැඩි වයසක් ඇය පෙනෙන බවි බොහෝ අය කියන්නේ. මනීෂාගේ සුන්දරත්වය මෙලෙස අකාලයේම උදුරාගෙන තියෙන්නේ ඇයට වැළදී තිබෙන පිිළිකාව විසින්. කෙසේවෙතත් රූපය ගැන උදම් වෙන බොහෝ දෙනාට රූපය ගැන අනිත්‍ය මෙනෙහි කරන්න මනීෂා හොද නිදර්ශනයක් බවයි ඇතැම් අය පෙන්වා දෙන්නේ.
පිළිකාව විසින් මෙලෙස මනීෂාගේ රූපය උදුරාගත්තත් ඇගේ ධෛර්්‍ය නම් දිනෙන් දිනම වැඩෙමින් තිබෙනවා. තමන්ගේම කියලා නව පවුල් ජීවිතයක් ආරම්භ කිරීම සදහා තමන් දියණියක් අරං හදා ගන්නා බව ඇය ඉකුත් කියා සිටියා. රූපයට වඩා කෙනෙකුගේ වටිනාම තීරණය වෙන්නේ නැතහොත් අසරණ වූ වෙලාවට කෙනෙකුට පිහිටට ඉන්නේ ධෛර්්‍ය බටව එය හොද පාඩමක්.







තවත් කලා පුවත්

Previous
Next Post »