Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඉරාජ් සහ භාතිය සමග ශනුද්‍රි අයිස් නායි (Video)

Saturday, August 23, 2014
ලොව පුරා ජනප්‍රිය වී තිබෙන Ice Bucket අභියෝගය මේ වනවිට ශ්‍රී ලංකාවටද පැමිණ තිබෙනවා. ඔට මුහුණ දුන පළමු ශ්‍රී ලාංකික කලාකරුවා ඉරාජ් වීරරත්නයි. පසුව භාතිය ජයකොඩි හා ශනුද්‍රි පියසාද් ද එම අභියොගයට මුහුණ දුන්නා.

Ice Bucket අභියෝගය යනු

මෙහි ප්‍රධාන අපේක්ෂාව මොළයේ ක්‍රියාකාරීත්වය අඩපන කරන ALS යන කෙටි යෙදුමින් හැදින්වෙන  Amyotrophic Lateral Sclerosis නමැති රෝගයට ප්‍රතිකාරයක් සොයාගැනීම සදහා වන පරීක්ෂණවලට මුදල් සපයාගැනීමයි. එම අභියෝගය භාරගන්නා අයෙකු සිය සිරුරට අයිස් ජලය බාල්දියක් හලාගත යුතු වනවා. ඊට අමතරව ඔහු හෝ ඇයි විසින් ALS අරමුදලට අමෙරිකානු ඩොලර් 10 ක් ද ආධාර කළ යුතුයි. තවද කිසියම් පුද්ගලයෙකු අදාළ අභියෝගය සාර්ථකව ජයගතහොත් ඊට මුහුණ දීම සදහා තවත් කිහිපදෙනෙකු නිර්දේශ කිරීමට ද ඔහුට හෝ ඇයට හැකියි. ඒ සදහා තමන් අයිස් වතුර බාල්දියක් තම සිරුරට හලාගන්නා අවස්ථාව වීඩියෝගත කර තමන් ඉදිපත්කරන නිර්දේශ ද ඊට ඇතුලත් කර එකී වීඩියෝව Facebook, Twitter හෝ You tube වැනි සමාජ වෙබ් අඩවියකින් ප්‍රසිද්ධ කළ යුතු වනවා. තවද තමන් වෙත කෙරෙන අභියෝගය කිසියම් අයෙකු විසින් ප්‍රතික්ෂේප කෙරුණහොත් එම පුද්ගලයා විසින් මුලින් කී අරමුදලට අමෙරිකානු ඩොලර් 100 ක් අධාර කළ යුතුයි. කෙසේවෙතත් අභීයෝගය භාරගන්නා බොහෝ දෙනෙකු ද අමෙරිකානු ඩොලර් 100 ක් අදාල අරමුදලට අධාර කරන බව විදෙස් වාර්තා පවසනවා.

අභියෝගයේ නිර්මාතෘෘ

මෙම අභියෝගයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ කෝරි ග්‍රිෆින් නමැත්තෙක්. කිමිදුම් ක්‍රීඩාවේ යෙදී සිටියදී ඔහු ඉකුත්දා මරණයට පත්වුණා. තවද ඔහු මෙම අභියෝගය නිර්මාණය කර ඇත්තේ සිය මිතුරෙකු ද  ALS රෝගයට ගොදුරු වූ නිසා බවයි විදෙස් වාර්තා කියාසිටියේ.

අභියෝගය භාරගත් ශ්‍රී ලංකාව් තවත් අය 

ප්‍රකට ව්‍යාපාරිකාවන් වන ඔටාරි ගුණවර්ධන, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා මල්ෂා කුමාරතුංග ද මේ වනවිට මෙම අභියෝගය සාර්ථව ජයගෙන තිබෙනවා.

Ice Bucket අභියෝගයට ඉරාජ් මුහුණ දුන් හැටි




Ice Bucket අභියෝගයට භාතිය මුහුණ දුන් හැටි




Ice Bucket අභියෝගයට ශනුද්‍රි මුහුණ දුන් හැටි






තවත් කලා පුවත්

Previous
Next Post »