Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අමෙරිකානු නළු Robin Williams දිවි නසා ගනීයි.

Wednesday, August 13, 2014
අමෙරිකානු රංගන ශිල්පියෙකු වූ Robin Williams (රොබින් විලියම්ස්) ගේ මරණය සියදිවි නසාගැනීමක් බව එරට පොලීසිය පවසනවා. මෙතෙක් කළ විමර්ශන වලින් හෙලිව ඇත්තේ කලක සිට ඔහු Depression (විෂාදය) නම් මානසික රොග තත්වයෙන් පිඩාවිදි බවත් ඒ සදහා ප්‍රතිකාර ගනිමින් ද සිටි බවයි. කෙසේවෙතත් ඔහු මෙලෙස සියදිවි නසාගැනීමට බලපෑ ආසන්නම හේතුව කුමක්දැයි තවමත් තහවුරු වී නැහැ.විකට රංගනයන් සදහා වඩාත්ම ජනප්‍රිය වී සිටි රොබින් මියයන විට පසවූයේ 63 වන වියේයි. ඔහුගේ බිරිද ඉකුත් ඉරිදා (අගෝස්තු 10) රාත්‍රී නින්දට යාමට පෙර අවසන්වරට ඔහු දැක තිබෙනවා. දෙදෙනනෙිදාගෙන ඇත්තේ වෙන් වෙන් කාමර දෙකකයි. පසුදා උදෑසන 10.30ට පමණ බිරිද නිවසින් බිටව ගොස් ඇති අතර තමන් සිතා සිටියේ රොබින් තවමත් නිදි බවයැ යි ඇය පොලීසියට ප්‍රකාශ කළා.  දහවල් 12ට පමණ රොබින්ගේ පෞද්ගලික සහයකයා ඔහුගේ කාමරයේ දොරය තට්ටුකර ඔහුව අවදි කරවීමට උත්සහ කර තිබෙනවා. එහෙත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු නිසා තමන් දොර විවෘත කරගෙන කාමරයට ඇතුලු වූ බවයි මෙම  සේවකයා ප්‍රකාශ කර ඇත්තේ. එහිදී සිය සේවා යෝජකයා රොබින්ගේ සිරුර වහළයේ එල්ලෙමින් තිබෙනු දුටු බවත් එය දැඩි සේ සීතල වී තිබුණු බවත් ඔහු ප්‍රකාශ කළා. පශ්චාත් මරණ පරීක්ෂයේදී නිරීක්ෂණය වූයේ රොබින්ගේ මරණය ගෙල සිරවී  හුස්ම ගැනීමට නොහැකිවීමෙන් සිදුව ඇති බවයි. කෙසේවෙතත් අදාල මරණය මනුෂ්‍ය ඝාතනයක් වියහැකි බවට තවදුරටත් සැක පැවති අතර ඒ නිසා විෂ වේදීන්ගෙන් ද වාර්තාවක් කැදවනු ලැබුවා. අදාල වාර්තාවෙන් ප්‍රකාශ වී ඇත්තේ රොබින්ට කිසිදු විෂ වර්ගයක් ශරීරගත වී නොමැති බවයි. ඔහුගේ මරණය සියදිවි නසාගැනීමක් බවට පොලීසිය විසින් තහවුරු කර ඇත්තේ ඒ අනුවයි.
Good Morning Vietnam චිත්‍රපටයෙන් රොබින් වඩාත් ජනප්‍රිය වුණා. Good Will Hunting චිත්‍රපටය වෙනුවෙන් ඔහු Oscar සම්මානයට ද පාත්‍ර වුණා. 




තවත් කලා පුවත්

Previous
Next Post »