Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රි ලාංකිකයෙකුගෙන් ප්‍රංශ චිත්‍රපටයක්

Monday, October 13, 2014
ශ්‍රී ලාංකිකයෙකු විසින් ප්‍රංශ චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කර තිබෙනවා. මෙම ශ්‍රී ලාංකිකයා ඉන්දික උඩුගම්පොළයි. ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද චිත්‍රපටය La Nuit est encore jeune (රැය තවම තරුණයි). ශ්‍රී ලාංකිකයෙකු ප්‍රංශ චිත්‍රපටයක් අධ්‍යක්ෂනය කළ පළමු අවස්ථාව මෙයයි. එමෙන්ම ඉන්දික උඩුගම්පොළගේ පළමු වෘතාන්ත චිත්‍රපටය ද මෙය වනවා. මෙම චිත්‍රපටයේ මංගල දැක්ම ඉන්දියාවේ හෙට (ඔක්තොමබර් 14) ආරම්භ වන මුම්බායි චිත්‍රපට උළලේදී තිරගත කෙරෙනවා. කෙසේ වෙතත් ඉන්දික උඩුගම්පොළ අදාල චිත්‍රපට උළෙල සහභාගී වන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නම් නොවෙයි. ඔහු නියෝජනය කරන්නේ ප්‍රංශයයි. La Nuit est encore jeune චිත්‍රපටයේ තිර රචනය ද ඉන්දික උඩුගම්පෙළගෙන්. ප්‍රංශ නළු නිළියන් වගේම ශ්‍රී ලාංකකයන් කිහිප දෙනෙකු ද මෙහි චරිත නිරූපණය කරනවා. මෙහි සංගීත නිර්මාණය නදීක ගුරුගේ විසින්. 

ඉන්දිකගේ වෙනත් නිර්මාණ 

2003 වසරේදී "කෝකිල වසන්තය" නමින් ටෙලි නාට්‍යක් අධ්‍යක්ෂනය කළ ඉන්දික උඩුගම්පොළ පසුව "රති විරති " නමින් ටෙලි චිත්‍රපට මාලාවක් ද නිර්මාණ කළා. ඔහු විසින් අධ්‍යක්ෂනය කරන ලද කෙටි චිත්‍රපට හා වාර්තා චිත්‍රපට කිහිපයක් ද අන්තර්ජාතික චිත්‍රපට උළෙල නියෝජනය කර තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »