Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටයට යළිත් කැපිල්ලක්

Saturday, October 11, 2014
අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය නැවත වරක් අභියොගයකට මුහුණ දී තිබෙනවා. ඒ එම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීම සදහා ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලයෙන් තවමත් අවසර නොලැබීම නිසායි. මීට පෙර ඉන්දියාවේ තමිල්නාඩු සිනමාශාලා වල ප්‍රදර්ශනය කිරීමට උත්සහ කෙරුණු අවස්ථාවේද "ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය අභියෝගයකට මුහුණ දුන්නා. ඒ තමිල්නාඩු වැසියන්ගෙන් එල්ල වූ විරෝධතා හේතුවෙන්.  අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට අවසර ලබාගැනීම සදහා සිය චිත්‍රපටයේ පිටපතක් ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත ලබාදුන් බවයි. එහෙත් ඔවුන්ගේ තීරණය කුමක්දැයි තමන් වෙත තවමත් දැනුම් දී නැතැයි ද ඔහු කියාසිටියා. ඇතැම් අය පවසන්නේ මෙම ප්‍රමාදය ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය සිතා මතාම සිදුකරන්නක් බවයි.

"ඔබ නැතුව ඔබ එක්ක" චිත්‍රපටය විසින් දිනාගන්නා ලද අන්තර්ජාතික සම්මාන කිහිපයක්

  • ප්‍රංශයේ විසූල් සිනමා උළලේ හොඳම චිත්‍රපටය
  • රුසියාවේ සකාලින් සිනමා උළලේ හොඳ චිත්‍රපටය ලෙස විචාරක සම්මනය
  • ඉතාලියේ මිලානෝ සිනමා උළලේ සිග්නීස් සම්මානය
  • නෙට්පැක් සම්මාන උළලේ ආසියාවේ හොඳම චිත්‍රපටය



තවත් කලා පුවත්

Previous
Next Post »