Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ධාවනයේ යෙදෙමින් මෝස්තර නිරූපණයේ යෙදෙන ක්‍රීඩිකාවක්

Friday, October 10, 2014
මෝස්තර නිරූපණ ශිල්පය සහ ක්‍රීඩාව යනු අන්ත දෙකක්. ඒත් බොහොම කලාතුරකින් මෙම හැකියාවන් දෙකම එකම අයෙකු තුළ පිහිටනවා. බර ඉසිලීමේ ක්‍රීඩාවේ නිරත වන රූ රැජිණක් පිළිබඳ අප මීට පෙර වාර්තා කළා. එවැනි තවත් තැනැත්තියක් ගැනයි මෙම ප්‍රවෘත්තිය. නමින් මැගී මෙසී වන ඇය අමෙරිකානු මලල ක්‍රිඩිකාවක්. මීටර් 800 ධාවන ඉසව්ව සදහා ඇය අවස්ථා දෙකකදී ලෝක ශුරතා මලල ක්‍රීඩා උළෙල ද නියෝජනය කළා. විශේෂත්වයක් වන්නේ මෙම ක්‍රීඩිකාව තරග සදහා ධාවනයේ යෙදෙද්දීම මෝස්තර නිරූපණයේ යෙදීමයි. කෙසේවෙතත් මෝස්තර නිරූපණයෙන් ප්‍රසිද්ධියට පත්වීමට තමන්ට අවශ්‍යතාවක් නැතැයි ද එහෙත් ධාවනයේ යෙදෙද්දීම  මොස්තර නිරූපණයේ යෙදීම නිසා තමන් කෙරෙහි බොහෝ දෙනෙකුගේ අවධානය ලැබී ඇතැයි ද මැගී මෙසී කියාසිටියා.







තවත් කලා පුවත්

Previous
Next Post »