Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Taxi Driver's Diary සිංහලයට නැගෙයි

Thursday, October 09, 2014
සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළ විශ්ව විද්‍යාලයක සේවය කළ මහාචාර්ය කායි මින්ජි (Prof.Cai Mingie) විසින් රචනා කරන ලද Taxi Driver's Diary නම් කෘතිය සිංහලයට පරිවර්තනය කර තිබෙනවා. ඒ වෛද්‍ය අචල ජයතිලක මහතා විසින්. මෙම සිංහල පරිවර්තනය "ටැක්සි රියදුරෙකුගේ දිනපොත" ලෙස නම් කර තිබෙනවා. දොරට වැඩීමේ උත්සවය අද (ඔක්තෝම්බර් 09) පැවැත්වීමට නියමිතයි. 
ඉකුත් සමයේ අමෙරිකාව ඇතුළු ලොව පුරා රටවල් ගණනාවක ඇතිවූ ආර්ථික අර්බුධයේදී දස ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වුණා. මහාචාර්ය කායි මින්ජි ද ඔවුන්ගෙන් කෙනෙක්. පසුව වෙනත් රැකියාවක් සොයා ගැනීමට ඔහු සෑහෙන උත්සහ දරා ඇතත්, එයද සාර්ථක වී නැහැ. අවසනයේදී සිය එදිනෙදා අවශ්‍යතා පිරිමසා ගැනීම සදහා කුලී රථ රියදුරෙකු ලෙස සේවය කිරීමටයි ඔහුට සිදුව ඇත්තේ. එලෙස කුලී රථ රියදුරෙකු ලෙස සේවය කිරීමේ දී තමන් ලද අත්දැකීම් ඇසුරෙන් තමයි මහාචාර්ය කායි මින්ජි විසින් Taxi Driver's Diary නම් කෘතිය රචනා කර ඇත්තේ. සියුම් සමාජ විශ්ලේෂණයක් වන මෙම කෘතිය ලොව පුරා මහත් සේ ජනප්‍රියත්වයට හා සම්භාවනවට ද පාත්‍ර වුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »