Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශාරුක්ට බ්‍රිතාන්‍යයෙන් සම්මානයක්

Wednesday, October 08, 2014
බොලිවුඩ් රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සම්මානයක් පිරිනමා තිබෙනවා. විශේෂත්වයක් වන්නේ ෂාරුක්ට හිමිවූ වෙනත් බොහෝ සම්මන මෙන් මෙම සම්මානය ඔහුට ලැබී ඇත්තේ ඔහුගේ රංගන කුසලතාවන් සදහා නොවීමයි. Global Diversity Award ලෙස මෙම සම්මානය නම් කර තිබෙනවා. එය පිරිනැමීමේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් සලකා බලා ඇත්තේ විශ්වීය විවිධත්වය වෙනුවෙන් ෂෘරුක් විසින් ඉටුකරන ලද මෙහෙයයි. ඔහු සහභාගීවන Slam+  ප්‍රසංගයට එහිදී ඉතා ඉහළ වටිනාකමක් ලැබී තිබෙනවා. සම්මන ප්‍රදානය සිදුකෙරුණේ ද බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංකීර්ණයේදී. එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාම ඊට සහභාගී වී සිටියා. බොලිවුඩයේ තවත් සුපිරි රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන්, රංගන ශිල්පිණී ඓශ්චර්යා රායි, ජැකී චෑන් සහ බංග්ලාදේශයේ හිටපු අග්‍රමාත්‍යවරියක වූ ශික් හසීනා මීට පෙර මෙම සම්මානය දිනාගත් කිහිපදෙන‍ෙක්.

තවත් කලා පුවත්

Previous
Next Post »