Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සේමිණි හා දමිතා නඩු අත්හරිති.

Wednesday, October 15, 2014
සේමිණී ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න යන රංගන ශිල්පිණියන් එකිනෙකාට එරෙහිව පවරා තිබූ අපහාස නඩු කොළඹ දිසා අධිකරණයේදී ඊයේ (ඔක්තොම්බර් 14) ඉල්ලා අස්කර ගැනුණා. ඉන් පසුව "කලාපූර්" ඔවුන්ගෙන් ඒ පිළබද අදහස් විමසා සිටියා. පහත දැක්වෙන්නේ එම සංවාදයි.

සේමිණී කී කථාව

"ඔක්තොම්බර් 01 දා නඩුව මුලින්ම ඇහුවා. එහිදී දෙපාර්ශවයේ නිතීඥවරුන් කථාකරලා අප දෙදෙනාගෙත් එකඟත්වය මත නඩුව ඉල්ලා අස්කරගැනීම සදහා තමයි අදට නඩුව කල් දැම්මේ. මෙලෙස නඩුව ඉල්ලා අස්කරගන්න මට හේතු කිහිපයක් තිබ්බා. එකක් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් මට උපදෙස් ලැබුණා. මාධ්‍ය ආයතන වලිනුත් මගෙන් ඉල්ලීම් කළා.  ඒ වගේම මගේ පවුලේ අයත් මට කිව්වා මේ නඩුව කාලය නාස්ති කිරීමක් කියලා. අනෙක් මට රැකගන්න පවුලක් තියෙනවා. දරුවෙක් ඉන්නවා. මෙතන කවුරුත් මැරිලත් නෑනේ. ඉතිං හිතේ තියෙන දේ අතෑරලා මමත් අනෙත් පාර්ශය ගොනු කර තිබූ නඩුවත් ඉල්ලා අස්කරගත්තා.

ඔබ කලින් කියලා තිබ්බා දමිතා ඔබෙන් සමාව ගත යුතුයි කියලා. ඉතිං එහෙම සමාව ගැනීමක් වුණාද ? 

නෑ.... එහෙම සමාව ගැනීමක් වුණේ නැහැ. නමුත් මම අවසානයේ තීරණය කළා යමක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ යමක් තේරුම්ගන්න පුළුවන් කෙනෙක්ගෙන් කියලා. ඒ නිසා මට ඇතිවුණේ සමාව ගැනීමක් ඇතත් නැතත් මේ කරදරෙන් ගැලවෙන්න ඕන කියන අදහසයි. අනෙක් ජය පරායක් නෑ. මොකද නඩුවේ තීන්දුවක් දුන්නේ නෑනේ. මට රැකගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒවා නැතිකරගන්න මට බෑ.

කවදාහරි දමිතා එක්ක එකම නිර්මාණයක වැඩකරන්න ආරාධනාවක් ලැබුණොත්, ඒ ආරාධනය පිළිගන්නවද?

අනිවාර්යෙන්ම. නඩුව යන කාලෙත් මම ඒ බව කිව්වා. මොකද මම වෘත්තීය රංගන ශිල්පිණියක්. "

දමිතාගේ අදහස්

"මට විරුද්ධව නඩුවක් ගොනුකර තිබුණේ සේමිණී ඉද්දමල්ගොඩ. එතුමියගේ නීතීඥ මහත්මයා මගේ නීතීඥ මහත්මයාට ඇවිල්ලා කියාලා තිබුණා මේක සමථයට පත්කරලා ඉවර කරමුද කියලා. එතකොට මගේ නීතීඥ මහත්මයා පැහැදිලිව කිව්වා සමථ කිරීම නැහැ. අව්‍යශ නම් නඩුව දාපු කෙනා ඉවත් කරගත යුතුයි කියලා. අනෙක නඩුව අයින් කරගන්න ඕනනං නඩු දාන්න ඕන නෑනේ. අපි සාක්ෂි ඔක්කොම එකතු කරගෙන හිටියේ නඩු කියන්න. ඒත් ඇය අද නඩුව ඉල්ලා අස්කරගත්තා. මම හිතනවා නීතියෙන් සහ අධිකරණයෙන් මට සාධාරණයක් ඉටුවුණා කියලා.

කොහොම උණත් සේමිණි ඔබෙන් සමාව ගත යුතු බව ඔබ මීට කලින් ප්‍රකාශ කළා. එහෙම සමාව ගැනීමක් වුණාද ?

මට ඔන වුණේ නැහැ කවුරුත් මං ඉස්සරහට දණ ගාගෙන බඩගාගෙන ඇවිත් සමාව ගන්න. නඩුව දාපු කෙනාම ඒක අස්කර ගත්තා. එහෙම නැතුව කිසිම සමථවීමක් නැහැ.

ඔබ මේ පුන පුනා කියන්නේ නඩුවෙන් ඔබ දිනුම් කියලද ?

 ඉතිං නඩුව අරං යන්න එපැයි නේ. නඩුව අස්කරගැනීම කියන්නේ පරාජය භාරගැනීමක් හා සමානයි නේ. දැං ඉතිං කියයි. මට වැඩ තියෙනවා. ප්‍රවීණයන් ඉල්ලුව කියලා. එහෙනං ඉතිං නඩුව දාපු කාලෙමත් පුවීණයන් එහෙම ඉල්ලීම කළා. ඒ නිසා දැං ඔය බොරු කථා කියලා වැඩක් නැහැ.

කිසියම් දවසකදී ඔබ දෙදෙනාට එක තැනක රගපාන් ලැබුණොත් රගපානවද ?

සේමිණී අනෙක් චරිතයෙන් මගේ ඉස්සරහට අවොත් මම රගපානවා. මගේ හිතේ කිසි තරහක් නැහැ. ඒ වගේම මගේ වෘත්තීය ඇතුලේ කඩාවැටෙන කිසි දෙයක් මම කරලා නැහැ."

සේමිණී ඉද්දමල්ගොඩ අදාල නඩුව පවරා තිබුණේ දමිතා අබේරත්න රේඩියෝ නාලිකාවක කළ ප්‍රකාශයකින් තමන්ට අපහාසයක් සිදු වූ බව පවසමින්. ඒ සදහා රුපියල් මිලියන 500 ක් අයකර දෙන්නැයි ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා. දමිතා අබේරත්න සිය නඩුව පැවරුවේ සේමිණිගේ නඩුවෙන් තමන්ට අපහාස වූ බව කියා සිටිමින්. ඒ සදහා ඇය ඉල්ලා සිටි වන්දිය රුපියල් මිලියන 1000 ක්.

තවත් කලා පුවත්

Previous
Next Post »