Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ්‍රී ලංකාවේ නළුවෙකුට බොලිවුඩයෙන් ඇරයුමක්

Monday, November 10, 2014
බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රගපෑමට ශ්‍රී ලාංකික රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරාට ආරාධනාවක් ලැබී තිබෙනවා. ඒ ඉකුත් දා පැවති Hiru Golden Film Awards සිනමා සම්මාන උළලේදීයි. මහේන්ද්‍ර මෙම සම්මන උළලේ නිවේදන කටයුතුවල යෙදී සිටියා. ආරාධිත ශිල්පියෙකු ලෙස ඊට සහභාගීවී සිටි බොලිවුඩ් රංගන ශිල්පී අනිල් කපූර් වේදිකාවට කැටුව ආවේද ඔහු විසින්. බොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතය රගපෑම සදහා මහේන්ද්‍රට ආරාධානා ලැබුණේ මේ වෙලාවේදීයි. අදාළ රගපෑම වෙනුවෙන් ඉතා හොඳ ගෙවීමක් කිරීමට ද තමන් සූදානම් බව අනිල් කපූර් එහිදී කියා සිටියා. සම්මාන උළලෙන් පසුව ද අනිල් මේ සම්බන්ධයෙන් තමන් සමග සාකච්ඡා කළ බවයි මහේන්ද්‍ර පැවසුවේ. තමන් රගපෑ චිත්‍රපටවල දර්ශන ඇතුලත් වීඩියෝවක් සකස් කර එවන ලෙස ද අනිල් කපූර් එහිදී මහේන්ද්‍රට පවසා තිබෙනවා. හැබැයි ඒ දේ නම් කිරීමට තවමත් නොහැකි වූ බවයි මහේන්ද්‍ර පවසන්නේ. ශ්‍රී ලාංකාවේ රූ රැජිණක වූ ජැකලීන් ෆර්නැන්ඩර්ස් ද මේ වනවිට බොලිවුඩය ජයගෙන තිබෙනවා.

මහේන්ද්‍ර රගපෑ චිත්‍රපට කිහිපයක පූර්ව ප්‍රචාරක පට හා  ජවනිකා කිහිපයක් පහත දැක්වෙයි





තවත් කලා පුවත්

Previous
Next Post »