Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හොදම ගායාකයා - සුනිල්, ගායිකාව - ශෂිකා

Wednesday, November 19, 2014
රාජ්‍ය සංගීත සම්මාන උළෙල ඉකුත් සිකුරාදා (නොවැම්බර් 14) කොළඹදී පැවැත්වුණා. එ් 2013 දී එළිදුටු නිර්මාණ සම්මානයෙන් ඇගයීමටයි. මෙහිදී පිරිනැමුණු මුළු සම්මාන ගණන 41 ක්.

ප‍්‍රසස්ථ ගායිකාව ලෙස ශෂිකා නිසංසලා සම්මාන දිනා ගත්තා. එ් ඇය විසින් ගායනා කළ "මේ තරම් දිගු ඇයි රාත්‍රිය" ගීතය වෙනුවෙන්. 2013 වසරේ ප‍්‍රසස්ථ ගායකයා ලෙස සම්මාන දිනා ගත්තේ සුනිල් එදිරිසිංහයි. එ් ඔහු විසින් ගායනා කළ "කෝ ඔබේ නෙතු නිල් උපුල්" ගීතය වෙනුවෙන්.

ප‍්‍රසස්ථ ගේය පද රචනය වෙනුවෙන් කිරි ශීර උතුරා ගලා යයි ගීතය රචනා කළ වසන්ත කුමාර කොබවක සම්මාන දිනා ගත්තා. ප‍්‍රසස්ත ගී තනු හා සංගීතය වෙනුවෙන් සම්මානය හිමි වූයේ කරුණාරත්න විජේවර්ධනටයි. එ් ඔහු විසින් සංගීතවත් කරනු ලැබ කි‍්‍රෂාන්ත එරන්දක විසින් ගායනා කළ "පිනේ බරට කඳ වැනෙමින්" ගීතය වෙනුවෙන්.

2013 වසරේ ප‍්‍රසස්ථ නවක ගායකයා ලෙස සම්මාන දිනා ගත්තේ එල්.එන්.එ් දර්ශන ප‍්‍රමෝද්‍. ප‍්‍රසස්ථ නවක ගායිකාව ලෙස සම්මාන දිනා ගත්තේ මංගලිකා තෙන්නකෝන්. 

ප‍්‍රසස්ථ කණ්ඩායම් ගීතය ලෙස සම්මාන දිනා ගත්තේ උදාර සමරවීර ඇතුළු පිරිස ගායනා කළ "සිරිලක පිරි අවුරුදු සිරි" ගීතයයි. 

සෙසු සම්මාන 

ප‍්‍රශස්ත ළමා ගීත දෘෂ්‍යකරණය 
  • වසුපැටියා - ජානකී සූරියආරච්චි
  • අප්පිලඇත්තේ - ලලිත් රත්නායක


ප‍්‍රශස්ත ළමා ගේය පද රචනය 
  • ඉර පායන්නේ අපටයි - බණ්ඩාර ඇහැලියගොඩ


ප‍්‍රශස්ත ළමා ගී තනු හා සංගීතය
  • මල් පිපෙනවලූ තුරු අග - දර්ශන වික‍්‍රමතුංග


ප‍්‍රශස්ත ළමා ගායනය - බාලිකා
  • මගේ ආයම්මා - සයුරි නිම්තරා රාජපක්ෂ


ප‍්‍රශස්ත ළමා ගායනය - බාලක

  • මල් පිපෙනවලූ තුරු අග - රමේෂ් ඉසිවර වීරසිංහ



ප‍්‍රශස්ත ළමා ගී සංයුත්ක තැටිය
  • පුංචි අපේ ගුරුතුමිය - ප්‍රදීපා පෙරේරා


ප‍්‍රශස්ත ගීත දෘෂ්‍යකරණය 
  • සීතල - ආර්.ජී.පී ජයරංග අලූත්වත්ත


ප‍්‍රශස්ත ජන ගී නව නිර්මාණ 
  • දෙවොල් බෙරය කරතියාන - දර්ශන රුවන් දිසානායක


ප‍්‍රශස්ත ජන ගී ගායනා - පිරිමි
  • කේ.එම්. හේෂාන්


ප‍්‍රශස්ත ජන ගී ගායනා - කාන්තා
  • අමන්ද්‍යයා උත්පලා


යාව ජීව සම්මාන 


  • සංගීත අධ්‍යාපනය වෙනුවෙන් වින්සන් සෝමපාල අනුස්මරණ සම්මානය  - සුනිල් දයාරත්න කෝනාර
  • ගීත රචනය වෙනුවෙන් මහගමසේකර අනුස්මරණ සම්මානය-  ලූෂන් බුලත්සිංහල

  • සුබාවිත සරල ගීත වෙනුවෙන් සුනිල් ශාන්ත අනුස්මරණ සම්මානය-අයි.වෝ. ඩෙනිස්
  • උත්තර භාරතීය සම්භාව්‍ය සංගීතය වෙනුවෙන් ලයනල් එදිරිසිංහ අනුස්මරණ සම්මානය - නිෂාද් හඳුන්පතිරණ.
  • නිර්මාණාත්මක සංගීතය වෙනුවෙන් පේ‍්‍රමසිරි කේමදාස අනුස්මරණ සම්මානය - එච්.එම්. ජයවර්ධන
  • සිනමා සංගීතය වෙනුවෙන් ආර්. මුත්තුසාමි අනුස්මරණ සම්මානය-  ගලගෙදර එම්.එම්.ඒ හක්
  • නාද ශික්ෂනය වෙනුවෙන් මර්වින් රුද්‍රිගෝ අනුස්මරණ සම්මානය - මර්වින් බෙන්ස්
  • බටහිර සංගීතය වෙනුවෙන් ලයිලි හෙන්රිස් අනුස්මරණ සම්මානය - කොමදෝරු ජූඞ් පීරිස්
  • දකුණු ඉන්දීය සංගීතය වෙනුවෙන් ඞී.එස්. මහී බාගවද අනුස්මරණ සම්මානය - එස්. ෂන්මුගරාගවන්  


තවත් කලා පුවත්

Previous
Next Post »