Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අළුත් මුහුණක්, ඔයාගේ කථාව සහ චීස්

Monday, November 17, 2014
නවකයෙකු වන ජිනිදු පද්ම ශී‍්‍ර බණ්ඩාර විසින් අධ්‍යක්ෂනය කෙරෙන කෙටි නාට්‍ය 3ක් අද රඟදැක්වෙනවා. ඒ කොළඹ ටවර් රඟහලේදී සවස 6.00 ට. අළුත් මුහුණක්, ඔයාගේ කථාව සහ චීස් මෙම කෙටි නාට්‍ය 3යි. කිසියම් එක් රාමුවකට කොටු වූ ශී‍්‍ර ලාංකේය කෙටි නාට්‍ය සම්ප‍්‍රදාය තරමක වෙනස් මානයකට රැගෙන යාම මෙමගින් තමන් උත්සහ කරන බව ජිනිදු "කලපූර්" සමග සංවාදයකදී කියා සිටියා. මෙම නාට්‍යවල රඟපෑම සඳහා තෝරාගෙන තිබෙන්නේ ද අලූත්ම අලූත් පිරිසක්. ඔවුන් ටවර් හෝල් නාට්‍ය පාසලේ සහ විවෘත විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන අයයි.
ජිනිදු පද්ම ශී‍්‍ර බණ්ඩාර විසින් නාට්‍ය කලාව අලලා ලියැවුණු ග‍්‍රන්ථයක් එළිදැක්වීමද මෙහිදීම සිදු කෙරෙනවා. අදාළ කෙටි නාට්‍ය තුනේ අත්පිටපත්ද ඊට ඇතුළත්.


තවත් කලා පුවත්

Previous
Next Post »

1 comments:

Write comments
Unknown
AUTHOR
11/24/14, 1:29 AM delete

Bohoma ithuthi..! Kalapor obata Jaya>>>!!

Reply
avatar