Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මැඩොනා කෝටි 46 ට වෙන්දේසි වෙයි

Monday, November 17, 2014
ජනප්‍රිය ගායන ශිල්පිණී මැඩෝනාගේ අැදුම් වෙන්දේසියක් අමෙරිකාවේ ලොස් අැන්ජලීස් නුවරදී ඉකුත්දා පැවැත්වුණා. සිය ජීවිතයේ විශේෂ අවස්ථාවලදී, සංගීත ප්‍රසංග සහ චිතුපට සදහා ඇය විසින් අදින ලද ඇදුම් මෙහිදී වෙන්දේසි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙම ඇදුම් සදහා ලැබී ඇති මුළු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3.2 ක්. ශ්‍රී ලංකා මුදලින් නම් එහි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් කෝටි 46 ට වැඩියි. මැඩොනා සිය ප්‍රථම විවාහයේදී ඇද සිටි මංගල ඇදුම පමණක් අමෙරිකානු ඩොලර් 81250 ක අලෙවි කෙරුණා. ශ්‍රී ලංකා මුදලින් නම් එහි වටිනාකම රුපියල් එක් කෝටි පනස් හය ලක්ෂයක්. 

කෙසේ වෙතත් මැඩෝනාගේ මෙම විවාහය පැවතියේ වසර 4 ක් පමණයි. පසුව ඇය තවත් විවාහයන් 2 ක් කරගත්තා. මේ වනවිට ඇය සිටින්නේ සිය 3 වන සැමියා සමගයි. දරුවන් 4 දෙනෙකුගේ මවක් ද වන මැඩොනාගේ වයස දැන් අවුරුදු 56 ක්.

මේ අතර තවත් ජනප්‍රිය කළාකරුවන් කිහිපදෙනෙකුගේ ඇදුම් සහ ආභරණ ද මෙහිදී වෙන්දේසි කෙරුණා. ගායන ශිල්පී එල්විස් ප්‍රෙස්ලිගේ මුද්දක් අලෙවි කෙරුණේ අමෙරිකානු ඩොලර් මිලියන 57600 කටයි. ශ්‍රී ලංකා මුදලින් නම් එහි වටිනාකම රුපියල් හැත්තෑ හතර ලක්ෂ අසූ අට දහසක් පමණ වනවා.




තවත් කලා පුවත්

Previous
Next Post »