Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පුංචි තිරයේ හොදම නළුවා ජැකා, නිළිය පබෝධා

Friday, November 28, 2014
2014 සුමති ටෙලි සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (නොවැම්බර් 27) පැවැත්වුණා. අඛණ්ඩව 19 වන වරට පැවැත්වුණු මෙම සම්මාන උළලේදී සම්මානයෙන් ඇගයීමට ලක් වූයේ 2013 වසරේදී විකාශය වුණු ටෙලි නාට්‍යයයි. හොදම නළුවා ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වූ අප්පච්චි ටෙලි නාට්‍යයේ ජැක්සන් ඇන්තනී සම්මාන දිනාගත්තා. හොදම නිළිය ජාතික රූපවාහිනියේ විකාශය වූ බොරළු පාර ටෙලි නාට්‍යයේ රගපෑ පබෝධා සන්දීපනීයි. හොදම නැගී එන නළුවා ලෙස දෙරණ රූපවාහිනියේ විකාශය වූ අග්නි ටෙලි නාට්‍යයේ සරත් කරුණාරත්න ද හොදම නැගී එන නිළිය ලෙස අප්පච්චි ටෙලි නාට්‍යයේ බිම්සරා ප්‍රේමරත්නත් හිමිකරගත්තා. ජනප්‍රියම නළුවා විශ්ව කොඩිකාර. ජනප්‍රියම නිළිය වූය් රුවංගි රත්නායකයි. ජීවිතයේ එක්වරක් පමණක් දිනාගත හැකි යූ. ඩබ්ලිව් සුමතිපාල අනුස්මරණ සම්මාන පිරිනැමුණේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ට සහ සුජාතා අත්තනායකයන්ටයි. මෙම සම්මාන උළලේ ප්‍රධාන ආරාධිතයා ලෙස කථානායක චමල් රාජපක්ෂ මහතා සහභාගී වුණා.

සෙසු සම්මාන ලාභීන්ගේ ලයිස්තුවත් අපි ඉක්මනින්ම ඔබට කියනවා.......... 


























තවත් කලා පුවත්

Previous
Next Post »