Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දිල්හානි මෛත්‍රිට ලංවෙයි

Wednesday, December 17, 2014
ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපලනඥයන් මෙන්ම කලාකරුවන් ද කරළියට පැමිණ තිබෙනවා. ඇතැම් අය පෙළගැසී සිටින්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගයි. තවත් පිරිසක් විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී සිටිනවා. රංගන ශිල්පිණී දිල්හානි ඒකනායක ද ඔවුන්ගෙන් කෙනෙක්. වත්මන් ආණ්ඩුව යටතේ කිසියම් පැලැන්තියක සුළු පිරිසක් පමණක් ඉහළ වරප්‍රසාද ලබද්දී බහුතර සාමාන්‍ය වැසියන් කුසගින්නේ පිඩා විදින බව ඇය කියා සිටියා.

" මම බොරුල්ලේ යනකොට එක තැනක උඩ තට්ටුවේ තියෙනවා සුඛෝපභෝගී ලම්බොගිනි කාර්. එතනම යට පොඩි පෙට්ටි කඩේකින් දුප්පත් කම්කරුවන් පිරිසක් ප්ලේන්ටි බොනවා. එක දැකලා මගේ පුතා කියනවා අම්මා, උඩ ලැම්බොගිනි, යට කුසගිනි කියලා. එතන ඉදං මාත් හිතන්න ගත්තා." 

ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන මාලනී ෆොන්සේකා මහත්මියගේ ඥාති දියණියක වන රංගන ශිල්පිණී සමනලී ෆොන්සේකාද මෙවර ජනාධිපතිවරණයේදී සහය පළ කර තිබෙන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාටයි. මීට පෙර ජනාධිපතිවරණ සහ සෙසු මැතිවරණවලදී ආණ්ඩුව සමග සිටි චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාද මෙවර මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පළකර තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »