Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශලනි සතුටින් පිනායයි

Monday, March 23, 2015
මේ දිනවල තමන් සිටින්නේ සතුටින් පිනාගොස් බව රංගන ශිල්පිණී ශලනි තරකා පවසනවා. ඊට හේතුව ලෙස ඇය ප්‍රකාශ කළේ "ස්පන්දන" චිත්‍රපටය සදහා තමන් වෙත ලැබෙන ප්‍රතිචාරයි.සුනෙත් මාලිංග ලොකුහේවා අධ්‍යක්ෂනය කළ "ස්පන්දන" චිත්‍රපටය මේවනවිට රටපුරා සිනමා ශාලාවල සාර්ථකව තිරගත වනවා. ශලනි වැඩිදුරටත් කියා සිටියේ අමතක නොකර මෙම චිත්‍රපටය නරඹන්නැයි ද සිය රගපෑමේ ගුණ දොස් තමන් වෙත දැනුම් දෙන්නැයි ද සිය රසිකයන්ගෙන් ඉල්ලා සිටින බවයි.

මේ අතර "ස්පන්දන" චිත්‍රපටයේ පළමු දර්නය පැවැත්වුණේ කොළඹ රීගල සිනමා ශාලාවේදීයි. ශලනි සහ රොෂාන් රණවන ඇතුළු මෙම චිත්‍රපටයේ චරිත නිරූපණයන කරන හා තාක්ෂණික ශිල්පීන් ද ඊට සහභාගී වී සිටියා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප කිහිපයක්.








තවත් කලා පුවත්

Previous
Next Post »