Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිරෝෂාට රාජ්‍ය මාධ්‍යයෙන් තහනමක්

Thursday, April 02, 2015
මෙරට රාජ්‍ය මාධ්‍ය දෙකක් වන ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධීන රුපවාහිනියෙන් තමන්ට අඩත්තේට්ටම් සිදුවූ බව ගායන ශිල්පීණී නිරෝෂා විරාජිණී පවසනවා. කෙසේ වෙතත් තමන් එලෙස අඩත්තේට්ටමට ලක්වූයේ අද ඊයේ නොව ඉකුත් ආණ්ඩුව සමයේදී බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ භාවනා වැඩසටහනකට සම්බන්ධ වීම නිසා තමන් මෙලෙස අඩත්තේට්ටමට ලක්වූ බව ද  නිරෝෂා පවසනවා. ආගමික ගීතිකා සහා ගාථා ඇසුරෙන් නිර්මාණ කරන ලද  ගැයුම් වැයුම් වලින් මෙම වැඩසටහන සමන්විතයි. ඒ වෙනුවෙන් නිරෝෂා ද ගීතයක් ගායනා කළා. එහි ආරම්භක පද පේළි යෙදී තිබුණේ "මෛත්‍රී මෛත්‍රී මෛත්‍රී...... ලෝසත නිවනා මෛත්‍රී" වශයෙන්. මෙහි "මෛත්‍රී" යන්න යෙදුවේ එවකට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් නොවනව බවයි නිරෝෂා පවසන්නේ. එහෙත් එවක සිටි ප‍ාලකයන් මෙය තේරුම් ගෙන තිබුණේ දේශපාලනික අර්ථයකින්. නිරෝෂා මෛත්‍රීපාල අපේක්ෂකතුමන් දිනවන්න ගීත ගායනා කරන බවයි ඔවුන් සිතා ඇත්තේ. ගීත ගායනයෙන් නොව විවිධ ප්‍රකාශ සිදුකරමින් ඇය මෛත්‍රීපාල අපේක්ෂකතුමාට සහය සිදුකිරීම ද ඊට හේතු වුණා. ජාතික රූපවාහිනියෙන් සහ ස්වාධීන රුපවාහිනියෙන් තමන්ට අඩත්තේට්ටම් සිදුවූයේ ඒ අනුව බවය් නිරෝෂා කියා සිටියා.  

මොකක් ද ? මේ අඩත්තේට්ටම. මෙම ප්‍රශ්ණයට පිළිතුරු දෙමින් නිරෝෂා කියා සිටියේ තමන්ගේ ගීත ප්‍රචාරය කිරීම ජාතික රූපවාහිනය සහ ස්වාධීන රූපවාහිනය විසින් තහනම් කෙරුණු බවයි. හැබැයි තමන් නම් එය කෙස් ගහක් තරම්වත් ගණන් නොගත බව ද ඇය කියා සිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »