Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

චිත්‍ර ප්‍රදර්ශනයකදී ශිල්පණියක් නිරුවතින් වෙයි (Photos)

Thursday, April 02, 2015
ඇගේ නම මයිලෝ මොරේ (Milo Moire). මේ වනවිට 32 වන වියේ පසුවන ඇය වෘත්තියෙන් කලාශිල්පිණියක්. මෙම කලාශිල්පිණිය උපත ලැබූවේ ස්විට්සර්ලන්තයේයි. අැය විසින් සංවිධාන කරන ලද චිත්‍ර ප්‍රදර්ශනයක් ඉකුත්දා ජර්මනියේදී පැවැත්වුණා.  "Naked Life" (නිරුවත් ජීවිතය) ලෙස නම් කර තිබූ මෙම ප්‍රදර්ශනය සදහා ඇය තෝරාගෙන තිබුණේ සුප්‍රකට LWL කෞතුකාගාරයයි. තමන් විසින් අදින ලද චිත්‍ර සමග ප්‍රදර්ශනය අතරවාරයේ තමන් ද කලාකෘතියක් වන බව මයිලෝ මොරේ ප්‍රදර්ශනයට පෙර කියා සිටියා. ඒ අනුව ඇය ප්‍රදර්ශන පරිශ්‍රයට පැමිණියේ ඇගේ එක නූල් පොටක්වත් නැතිව නිරුවතින්. ඒ වගේම අැය සිටියේ නිරුවත් දරුවෙකුත් වඩාගෙන. ප්‍රදර්ශනය අවසන් වෙනකංම ඇය  ප්‍රදර්ශන පරිශ්‍රය තුළ රැදී සිටියේ එලෙසයි. "නිරුවත් මවගේ දෑතේ නිරුවත් දරුවා ඉතා සුරක්ෂිතයි" යන්න මෙමගින් තමන් කියාපෑමට උත්සහ කළ බව ඇය පසුව කියා සිටියා.

මයිලෝ මොරේගේ මෙම ක්‍රියාව ඇතැම් අයගේ දැඩි විවේචනයට ලක් වනවා. ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි බොහෝ දෙනෙකු ඇස් රතු කරගෙන ආපහු හැරී ගිය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මයිලෝ මොරේ කළ ක්‍රියාව කලාවක් නොව විකාරයක් බවයි ඔවුන් කියා සිටියේ. තමන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේ දරුවන් ද රැගෙන බවත් එහෙත්  මයිලෝ මොරේ කළ දේ දැකීමෙන් දරුවන් ද නොමග යන බවත් තවත් අයෙකු කියා සිටියා. කෙසේ වෙතත්  ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි ඇතැම් අය නම් මෙම ක්‍රියාව අගය කළා. මයිලෝ මොරේ කලාවට අළුත් අර්ථයක් එක් කළ බවයි ඔවුන් කියා සිටියේ.




තවත් කලා පුවත්

Previous
Next Post »