Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Full Face හෙල්මට් වෙනුවෙන් ගයේෂාත් සටනට

Friday, April 03, 2015
Full Face හෙල්මට් හෙවත් මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් සදහා පනවා ඇති තහනම මේ දිනවල රට පුරාම ප්‍රධාන මාතෘකාවක් වී තිබෙනවා. පොලීසිය පවසන්නේ කොල්ලකෑම් ඇතුළ අපරාධ අවම කිරීමේ අදහසින් මෙම තහනම පනවන ලද බවයි. කෙසේ වෙතත් Full Face හෙල්මට් තහනම් කිරීමෙන් අපරාධ අවම කළ නොහැකි බව යතුරුපැදිකරුවන් සහ තවත් පාර්ශව ගණනාවක් පෙන්වා දෙනවා. තමන් Full Face හෙල්මට් පළදින්නේ අනතුරකදී හිසට සිදුවන හානිය වළක්වාගැනීමට බවයි යතුරුපැදිකරුවන් වැඩි දුරටත් කියා සිටියේ. මේ අනුව අදාළ තහනම ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉකුත් දිනවල ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත් වුණා. ඊට අදාළව අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ද ඉදිරිපත් වූ අතර එය සළකා බලමින් අභියාචනාධිකරණය ඊයේ (අප්‍රේල් 02) නියෝග කළේ Full Face හෙල්මට් තහනම ලබන 27 දක්වා තාවකාලිකව අතිහිටුවන ලෙසයි.

මේ අතර Full Face හෙල්මට් තහනමට එරෙහි විරෝධයට රංගන ශිල්පිණී ගයේෂා පෙරේරා ද එක් වී සිටිනවා. සිය Facebook පිටුවේ විශේෂ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ මෙම තහනම ක්‍රියාත්මක වීමට තිබූ ඊයේ දිනයේම යතුරුපැතිකරුවන් කිහිප දෙනෙකුට පොලීසිය දඩ කොළ ලබා දී ඇති බවයි.








තවත් කලා පුවත්

Previous
Next Post »