Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

යහ පාලනයෙන් කලාකරුවන්ට දුන් තෑග්ග

Friday, April 03, 2015
රටට කීර්තියක් ගෙනදුන් ප්‍රවීණ කලාකරුවන්ට සාම විනිසුරු පදවි ප්‍රදානය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. අධිකරණ අමාත්‍යංශය පැවසුවේ ජාතික චිත්‍රපට සංස්ථාවේ නිර්දේශය අනුව කලාකරුවන් 100 දෙනෙකු මේ සදහා තෝරා ගැනෙන බවයි. ඔවුන් සදහා සාම විනිසුරු පදවි පිරිනැමෙන්නේ මුළු දිවයිනටම බලපාන පරිදී බව ද එම අමාත්‍යංශය කියා සිටියා. 

මීට අමතර ප්‍රවීණ ජනමාධ්‍යවේදීන් 100 දෙනෙකුට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 260 දෙනෙකුට ද මෙලෙස සාම විනිසුරු පදවි පිරිනැමීමට නියමිතයි. අදාළ ජනමාධ්‍යවේදීන් ප්‍රධාන ජනමාධ්‍ය සංගම්වල නිර්දේශ අනුව ද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩා සංගම්වල නිර්දේශ අනුව ද තෝරා ගැනෙනු ඇති.

තවත් කලා පුවත්

Previous
Next Post »