Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රුසිරුගේ නිව්ස් සිංදුව

Tuesday, June 23, 2015
කලින් කලට විවිධ මාතෘකා යටතේ ගීත නිර්මාණ බිහිවනවා. සිංහල ගීත ගැන හිතුවොත් බැලු බැල්මට වැඩිම ගීත ගණනක් ලියැවී තිබෙන්නේ ආදරය හෝ විරහව මාතෘකා කරගනිමින්. බුදු ගුණ ගීත හා මව් පිය ගුණ ගායනා වලටත් සිංහල ගීත ක්ෂේත්‍රයේ ලොකු ඉඩක් ලැබී තිබෙනවා. හැබැයි "ප්‍රවෘත්ති" තවමත් සිංහල සිදුවක් ලියැවී නැති තරම්. ඒ අඩුව පුරවමින් ඔන්න දැන් අලුත් සිංදුවක් නිර්මාණ වෙලා.

කියමනක් තියෙනවා...... "කිසියම් දවසක ප්‍රවෘත්තියක් නැතැයි කිව හැකි නම්, ඒ තමයි ඉතිහාසයේ හොදම ප්‍රවෘත්තිය" යැයි. එසේ වන්නේ ප්‍රවෘත්ති එතරම් සුලබ නිසා. අනෙක් අතට ප්‍රවෘත්ති දැන් මිනිස් ජීවිතයේම කොටසක් වෙලා. එසේ තිබියදීත් තවමත් "ප්‍රවෘත්ති"  යනු ගීත සදහා සුලබ මාතෘකාවක් නොවීම පුදුමයක්. වරින් වර සමහර කාලීන සිදුවී ඇසුරෙන් නම් ගීත නිර්මාණ වී තිබෙනවා. එත් "ප්‍රවෘත්ති"  මතෘකාවක් කරගනිමින් සිංහල ගීතයක් ලැයැවෙන පළමු අවස්ථාව මෙය විය හැකියි.

මෙම අලුත් ගීතය නම් කර ඇත්තේ "The News Song" හෙවත් "රට වට විත්ති" ලෙසයි. පදරචනය තරංග රුක්ෂාන් ජයසේකරගෙන්. එය ගායනා කරන්නේ රුසිරු දිසානායක. තවත් විශේෂත්වයක් වන්නේ මේ දෙන්නම ප්‍රවෘත්තිවලට සම්බන්ධ දෙදෙනෙක් වීම. තරංග රුක්ෂාන් ජයසේකර නෙත් එෆ් එම් රේඩියෝවේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්. රුසිරු දිසානායක වෙබ් මාධ්‍යවේදියෙක්.

මේ පිළිබඳ අදහස් දක්වමින් රුසිරු කියා සිටියේ.... "The News Song යනු දැන් කාලේ සුලබව ඇහෙන මල් සිංදුවලින් හෙම්බත් වී සිටින රසිකයන්ට හොද විකල්පයක් " බවයි. තමන් අනුව යමින් තව තවත් ප්‍රවෘත්ති ගීත කරන්නැයි රුසිරු අනෙක් ගායකයන්ට හා ගායිකවන්ට අභියෝගයක් ද කළා.

මේ අතර තරංග පවසන්නේ " The News Song යනු කිසිවෙකුට කඩේ යාමක් හෝ කාගෙවත් රෙදි හේදිමක් නොවන බවයි. මෑත කාලයේදී වාර්තා වුණු උණුසම් ප්‍රවෘත්ත කීපයයක් මෙම ගීතයට පදක වූ බව" ද තරංග කියා සිටියා.

මෙම ගීතය පහතින් බලන්න


තවත් කලා පුවත්

Previous
Next Post »