Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වැරදි මඟ ගිය තනපට දැන්වීමට Triumph සමාව ඉල්ලයි

Wednesday, June 24, 2015
පියවරුන්ගේ දිනය වෙනුවෙන් පුවත්පත් කිහිපයක තමන් පළ කල වෙළද දැන්වීමක් සම්බන්ධයෙන් Triumph සමාගම සමාව ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටින්නේ මෙවැනි වෙළඳ දැන්වීමක පළ කිරීමට පෙර තමන් වඩා කල්පනාකාරී විය යුතුව තිබුණ බවයි. මෙවැනි වරදක් නැවත සිදු නොවීම වග බලා ගන්නා බව ද Triumph ආයතනය මෙමගින් අවධාරනය කර තිබෙනවා.

Triumph යනු කාන්තා යට ඇදුම් සදහා සුප්‍රකට වෙළඳ නාමයක්. මතභේදයට තුඩු දී ඇති වෙළඳ දැන්වීම ඔවුන් විසින් පළකෙරුණේ තනපටයක් ප්‍රවර්ධනය කරමින්. මෙම වෙළඳ දැන්වීම මත භේදයට ලක්වූයේ එහි යොදා තිබුණු වචන හේතුවෙන්. "For the Ladies.... who pamper their dads" ලෙස එහි සදහන් වී තිබුණා. ආසන්න වශයෙන් මෙහි සිංහල තේරුම "පියවරුන්ට වැඩි සැප දෙන කාන්තාවන් සදහා" යන්නයි.

අදාල වෙළද දැන්වීම සහ Triumph සමාගම නිකුත් කළ නිවේදනයයි පහත දැක්වෙන්නේ.......



තවත් කලා පුවත්

Previous
Next Post »