ඉන්දීය ජාතිකයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යමින් ඔහුගෙන් රුපියල් කෝටි 14 ට වැඩි මුදලක් වංචා කළේ යැයි චෝදනා ලබා සිටින රංගන ශිල්පිණී අක්ෂා සුදාරි ඇප මත මුදාහැහීමට කොළඹ මහේස්රාත් අධිකරණය අද (ජුලි 3) නියෝග කළා. රුපියල් 25,000 ක මුදල් අපයක් සහ රුපියල් කෝටි 03 ක ශරීර ඇප ඇය වෙනුවෙන් නියම කෙරුණු බවයි මෙ අවස්ථාව ආවරණය කළ කලාපූර් වාර්තාකරු පවසන්නේ. සැකකාර අක්ෂෘ සුදාරිගේ විදේශ ගමන් තහනම් කිරීමට ද සෑම ඉරිදා දිනකම පෙරවරු 9 ත් 12 ත් අතර කාලයේදී ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටිය යුතු බවට ද මෙහිදී නියෝග කෙරුණා.
අක්ෂා සුදාරි මේ වනවිට 28 වන වියේ පසුවන්නියක්. ඇගේ සැබී නම ආශෘ කුමාරි බව ද හෙළිවී තිබෙනවා. අසාධාරණයට ලක්වූ බව කියන පැමිණිලිකාර ඉන්දී ජාතිකයා 54 වන වියේ පසුවන්නෙක්. තම මිතුරෙකුගේ මාර්ගයෙන් ඉකුත් 2014 වසරේදී අශා කුමාරි නමින් අක්ෂා සුදාරි හදුනාගත් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පසුව ඇය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් 232,311 ක් පමණ වටිනා දියමන්ති එබ්බවූ රන් ආභරණ ද ලබා දුන් බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වන්නේ.
මේ අතර අක්ෂෘ සුදාරි පවසන්නේ 2014 වසරේ නොවැම්බර් මස ඩුබායිහි සංචාරයකට ගිය අවස්ථාවේ තමන් පැමිණිලිකාර ඉන්දියානුවා හදුනාගත් බවයි. දෙදෙනා අධි සුඛෝපභෝගී හෝටලයක නතර වූ බව ද එහිදී පැමිණිලිකාර ඉන්දියානුවා තමන් සමග ලිංගික සබදතා පැවැත්වූ බව ද අක්ෂා සුදාරී ප්‍රකාශ කළා. පැමිණිලිකරු විසින් තමන්ට ඉතා වටිනා තෑගි බෝග පිරිනැමීමට පටන්ගත්තේ ඉන් අනතුරුව බවයි ඇය වැඩිදුරටත් කියා සිටියේ. දෙහිවල ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෙෘ්ගී නිවසක් ද වාහනයක් ද මෙම තැගී බෝග අතර වන බව අක්ෂා සුදාරී පිළිගෙන තිබෙනවා.
EmoticonEmoticon