වෙනස් මාදිලියේ සංගීත ප්‍රසංගයක් සදහා කීර්ති පැස්කුවෙල් සූදානම් වනවා. “Tribute to The legends” ලෙස නම් කර ඇති මෙම ප්‍රසංගය ලබන සෙනසුරාදා (ජුලි 11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වීම නියමිතයි. මේ වනවිට අභාවප්ප්‍රප්ත වී සිටින ගායක, ගායිකාවන් විසිතුන් දෙනෙකුගේ අතිශය ජනපි‍්‍රය ගීත විසිතුනක් කීර්ති පැස්කුවෙල් විසින් මෙම ප්‍රසංගයේදී ගායනා කරනවා. යුග ගායානා සදහා සමිතා මුදුන්කොටුව සහ නෙලූ අධිකාරී එක්වීමට නියමිති.
සුනිල් සාන්ත, රුක්මණී දේවි, සුසිල් ප්‍රේමරත්න, මොහිදීන් බෙග්, ධර්මදාස වල්පොල, සී. ටී. ප්‍රනාන්දු, නෙවිල් ප්‍රනාන්දු, සිසිර සේනාරත්න, එම්. එස්. ප්‍රනාන්දු, සිඩ්නි ආටිගල, නාරද දිසාසේකර, එච්. ආර්. ජෝතිපාල, ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ටී. ෂෙල්ටන් පෙරේරා, හරූන් ලන්ත්‍රා, මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන, මර්වින් පෙරේරා, තිලකසිරි ප්‍රනාන්දු, පද්මසිරි පැස්කුවල්, මාලිනී බුලත්සිංහල, ග්‍රේෂන් ආනන්ද මෙම ප්‍රසංගයේදීයී ගායානා කිරීමට ගීත තෝරාගෙන ඇති ශීල්පීන් කිහිපදෙනෙක්.
කීර්ති පැසුකුවෙල්ගේ ගීත ඇල්බමය “සුදු සේල” සහ “කීර්ති එකෝස්ටිකා” සංගත රූප තැටිය (D. V. D.) එළි දැක්වීමද මෙහිදී සිදුකිරීමට නියමිතයි.
EmoticonEmoticon