Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ටෙලි නිළි අක්ෂා ලක්ෂ 400 වංචා කරයි ?

Wednesday, July 08, 2015
මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ටෙලි නිළි අක්ෂා සුදාරි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවට කැදවා තිබෙනවා. ඉන්දියානු ජාතිකයෙකුගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 400ට ආසන්න මුදලක් නැවත නොගෙවීමෙනුයි ඇය අදාළ වංචාව සිදුකර ඇතැයි පැවසෙන්නේ. "AARA COLLECTION" නමින් ඉකුත්දා නුගේගොඩ ප්‍රදේශයේ විවෘත කෙරුණු රෙදි පිළි අලෙවිසැලක් වෙනුවෙන් ඇය මෙම මුදල ලබාගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර ඇත්තේ අගතියට ලක්වූ ඉන්දීය ජාතිකයා විසින්. ඒ අනුවයි අක්ෂා සුදාරි එම දෙපාර්තමේන්තුව වෙත කැදවා ඇත්තේ.



තවත් කලා පුවත්

Previous
Next Post »