Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මේනකා නෝර්වේ යන්න ලෑස්ති වෙයි

Monday, March 09, 2015
රංගන ශිල්පිණී මේනකා පීරිස් ශ්‍රී ලංකාව අතහැර නෝර්වේ යන්න සූදානම් වෙනවා. ඇය මීය පෙර ප්‍රකාශ කළේ විවාහය සිදුවූ වහාම සිය සැමියා සමග නෝර්වේ යන බවයි. ඒත් අත්‍යවශ්‍ය කටයුතු කිහිපයක් අවසන් කිරීම සදහා ටිකක් වැඩි කාලයක් ශ්‍රී ලංකවේ රැදී සිටීමට සිදු වූ බවයි මේනකා පවසන්නේ. මේ වනවිට එම කටයුතු අවසන් බව ද ඒ අනුව ඉක්මනින්ම නෝරේවේ යන්න දැන් ලෑස්ති වන බව ද ඇය කියා සිටියා. මේනකාගේ සැමියා අමර්. ඔහු නම් දැනටමත් නෝර්වේ ගිහිං. විවාහයෙන් පස්සේ දින 10 ක් විතරයි ඔහු ශ්‍රී ලංකාවේ රැදී සිට තිබෙන්නේ. ඒ දවස් 10 තමයිලු මේනකා වැඩියෙන්ම ආදරේ වින්ද කාලය. ඊටපස්සේ අමර් නැතිව ගෙවී ගිය කාලයේදී ඇයට ලොකු පාළුවකුත් දැනුනලු. ඒත් ඉතිං උපන් රට සහ පවුලේ සාමාජිකයන්ව දාල යන්න වෙන එක ගැනත් තමන්ට දුක බනයි මේනකා වැඩිදුරටත් පවසන්නේ.

තවත් කලා පුවත්

Previous
Next Post »