Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

උදයකාන්ත යක්ෂණියක් ගෙන්නයි

Monday, March 09, 2015
ඔබට මතකද "බහුබූතයෝ" චිත්‍රපටය. රොඩිනි වර්ණකුල, මහේන්ද්‍ර පෙරේරා සහ පබෝදා සන්දීපනී ප්‍රධාන චරිත රගපෑ එම චිත්‍රපටය උදයකාන්ත වර්ණකුලසූරියගේ නිර්මාණයක්. පබෝදා සන්දීපනී එහිදී නිරූපණය කළේ යක්ෂණියකගේ චරිතයක්. රොඩ්නි සහ මහේන්ද්‍ර මාධ්‍යවේදීන් ලෙස චරිත නිරූපණය කළා. ඔන්න මේ තුන්දෙනාම නැවත වරක් ප්‍රේක්ෂකයන් අතරට එන්නයි සූදානම. ඒ උදයකාන්තගේ අළුත්ම චිත්‍රපටය "ගින්දරී" සමග. මෙම චිත්‍රපටය නිර්මාණ කෙරෙන්නේ "බහුබූතයෝ" චිත්‍රපටයේම දෙවන කොටස ලෙසයි. මුල් චිත්‍රපටයේදී මනුෂ්‍ය ලෝකයෙන් එලවා දැමූ යක්ෂණිය (පබෝදා) මෙම චිත්‍රපටයේදී ආපහු මනුෂ්‍ය ලෝකෙට එනවලු. ඊට පස්සේ මොකක් වෙයිද ? යක්ෂණියක උවත් මිනිස් වෙසින් ඉන්නා විට ඇය සුන්දර ලලනාවක්. ඇගේ සුන්දරත්වයට කොයිතරම් අය වහ වැටෙයිද ? මේ සියල්ල දැනගන්න ඔබට තවත් බලා ඉන්න වෙන්නේ මාසයක් දෙකක් විතරයි. බොහෝවිට ලබන මාසේදි මෙම චිත්‍රපටය රටපුරා තිරගත කෙරෙන බවයි "කලාපූර්" අපට ආරංචි වුණේ. 

Trailer එක පහතින් බලන්න 




Making වීඩියෝවක්.......... 








මේ ගැන තවත් විස්තර ළගදීම බලාපොරොත්තුවන්න........

තවත් කලා පුවත්

Previous
Next Post »