Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

2015 රාජ්‍ය නාට්‍ය උළලේ සම්මාන ප්‍රදානය අද

Wednesday, March 11, 2015
2015 රාජ්‍ය නාට්‍ය උළලේ සම්මාන ප‍්‍රධානෝත්සවය අද පැවැත්වෙනවා. ඒ, සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදියි. උත්සවය සවස 6.30 ට ආරම්භ කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පැවසුවා.
සිංහල දිගු නාට්‍ය 07ක් සහ සිංහල හා දෙමළ කෙටි නාට්‍ය 17ක් මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය නියෝජනය කළා. අදාල දිගු යාට්‍ය මෙසේයි.
  • තිලක් නන්දන හෙට්ටිආරච්චිගේ ගුටිකෑමට නියමිතයි
  • චමිප බුද්ධිපාලගේ මෙත්තරා 
  • රංග මනුප‍්‍රිය හා චතුර දසනායකගේ චෙරි උයන  
  • අකිල සපුමල්ගේ බැකී  
  • චන්ද්‍රසෝම බින්දුහේවාගේ එනිමි - සතුරන්ට එරෙහිව  
  • චමිල ප‍්‍රියංකගේ මෙය තුවක්කුවක් නොවේ 
  • ධර්මප‍්‍රිය ඩයස්ගේ සාදය මාරයි - සල්ලි හමාරයි 

මෙවර රාජ්‍ය නාට්‍ය උළලේ අවසන් වටය නියෝජනය කළ කෙටි නාට්‍ය වන්නේ
  • අපූරු සවාරියක්
  • අන්බිටිකු උන්දෝ
  • ආ රස්සාව
  • පරයියන්
  • ද ඉන්ටර්විව්
  • කාටත් හොරෙන්
  • සක්මන් මළුව
  • ඉරුන්කිල් පොරුතියන් ඉන්දයාම්
  • හබලක්  ඕනේ
  • ධර්මිෂ්ඨ සාමාජයක් ගොඩනගමු
  • බී වෙන්ජි
  • පායමන්
  • බර්මියුඩා
  • මින්ඩුම්
  • නාන්යාර්
  • තැප්‍රෝබේන්
  • මාරා උපන් කුමරා 


මේ අතර අද පැවැත්වෙන සම්මාන උළලේ දී හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම නාට්‍ය සහ හොඳම අධ්‍යක්‍ෂණය සඳහා සම්මාන පිරිනැමීමට නියමිතයි. ඊට අමතරව හොඳම වේදිකා පරිපාලනය, හොඳම සංගීතය, හොඳම ආලෝකකරණය, හොඳම රංග වස්ත‍්‍ර නිර්මාණය සහ හොඳම පසුතල නිර්මාණය සඳහා ද සම්මාන පිරිනැමෙනවා. සම්මානයට අමතරව ජයග‍්‍රාහකයින් සඳහා මුදල් ත්‍යාග සහ සහතික පත් ද පිරිනමන බවයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසන්නේ. 
ශ‍්‍රී ලාංකේය නාට්‍ය කලාව වෙනුවෙන් ඉටුකරන ලද මෙහෙය අගයා  ප‍්‍රවීන නාට්‍යවේදී රංජිත් ධර්මකීර්ති මහතාට සහ ප‍්‍රවීන නාට්‍යවේදිනි ඒ. ජයගෞරි මහත්මියට නාට්‍ය කීර්ති සම්මානය පිරිනැමීම ද මෙහිදී සිදුකෙරෙනවා. මෙම සම්මාන ප‍්‍රදානොත්සවය නැරඹීමට නාට්‍ය පේ‍්‍රමි සියලූ දෙනාට විවෘතව ආරාධනා කරන බවයි රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය පැවසුවේ. 

තවත් කලා පුවත්

Previous
Next Post »