Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රිතූ, අතගන්න කළු කොල්ලෙක් සොයයි

Friday, March 06, 2015
පුංචි තිරයේ මේ දවස්වල ජනප්‍රිය චරිතයක් තමයි රිතූ ආකර්ශා. ඇය රගපාන මුතූ, උතුම් පැතුම්  සහ හදුනාගත්තොත් ඔබ මා යන ටෙලි නාට්‍ය මේ දිනවල විකාශය කෙරෙනවා. ඒ අතර දෙරණ මාධ්‍ය සමග සම්මුඛ සාකච්ඡාවකට ද අැය ඉකුත් දා එක්වුණා. තමන් ටෙලි නාට්‍ය රංගනයට පිවිසුණේ කලක් නිරූපණය ශීල්පිණියක ලෙස වෙළඳ දැන්වීමවල පෙනී සිටීමෙන් පසුව බවයි රිතූ මෙම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ. කෙනෙක්ට ජනප්‍රිය වෙන්න නම් වාසනාවක් තිබිය යුතු බවද හබැයි එ් ජනප්‍රියත්වය දිගු කාලයක් පවත්වාගෙන යාමට නම් දක්ෂතාවත් තිබිය යුතු බව ද ඇය පවසනවා. නිරූපණයට වඩා රංගනය තරමක කට්ටක් බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ. අැතැම් නිරූපණ ශිලිපිණියන්ට කලින් කලට හැදෙන කටකථා ගැනත් රිතූ සිය අදහස් දැක්වුවා. එවැනි කටකථා හැදෙන්නේ බොහෝවිට ඒ ඒ නිරූපණ ශීල්පිණියන් අදින පළදින ආකාරය අනුව බවයි අැය කියා සිටියේ. එහි අසාධාරණයක් නොමැති බව ද තමන් හරිය ඉන්නේ නම් කටකථා වලින් බේරී සිටිය හැකි බව ද ඇය කියා සිටියා.
රිතූ ආකර්ශා ජෝශප් බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. පාසල් යන කාලේ නම් ඇගේ කැමත්ත වී ඇත්තේ ගුවන් සේවිකාවක් වීමයි. එැබැයි රගපෑම ගැනත් තමන්ට අශාවක් තිබුණු බව රිතූ පවසනවා. තමන්ගේ කටයුතු සදහා නිවසින් ද විශේෂයෙන්ම තාත්ගෙන හොද සහයක් ලැබෙන බවයි ඇය කියා සිටියේ. තමන්ට තවමත් පෙම්වතෙක් නොමැති බවද ඇය කියා සිටියා. පෙම්වතෙක් තෝරාගනිද්දී මුල් තැන දෙනේනේ ගතිගුණ වලට බව ද විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ඉන්න අයට නම් තමන් වැඩියෙන් කැමති බවද රිතූ පවසනවා. සුදු පිරිමින්ට නම් ඇය කැමති නෑලූ. ඒ කියන්නේ ඉතිං ඇගේ හිත දිනාගන්න පුළුවන කළු කොල්ලෙක්ට තමයි.














තවත් කලා පුවත්

Previous
Next Post »