Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අමීර්ට දැන් 49 යි (උපන්දිනය සැමරූ හැටි - වීඩියෝව)

Monday, March 24, 2014
බොලිවුඩ් රංගන ශිල්පී අමීර් ඛාන් ඉකුත් 14 වනදා සිය 49 වන උපන්දිනය සැමරුවා. එදින උදෑසන අමීර්ගේ රසිකයන් ඔහුගේ නිවස ඉදිරිපිට රොක්වී ගීත ගයමින් විනෝද වුණා. ඔවුන් අතරට පැමිණි අමීර් පසුව ඔවුන් සමගම එක්ව උපන්දින කේක ගෙඩියක් ද කැපුවා. ඊට අමතව වෙනත් විශේෂ දෙයක් සිය උපන්දිනය වෙනුවෙනු මෙවර සිදු නොකරන බවයි පසුව පැවති මාඹ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ. දවසම සිය පවුලේ උදවිය සමග ගතකරන බව ද ඔහු කියා සිටියා. වයස අවුරුදු 49 ක් වුණත් සිය තරුණකම තවම රැකගෙන සිටින්නේ කෙසේදැයි මාධ්‍යෙව්දීයෙකු එහිදී විමසා සිටි අතර ඊට පිළිතරු දෙමින් අමීර් කියා සිටියේ සිය තරුණකමේ රහස තමන් ගන්නා පෝෂණීය ආහාර බවයි. Dhoom 3 චිත්‍රපටය ආදයම් වාර්තා පිහිටුවමින් තිරගතවීම සතුටට කරුණක් බව ද මෙම වසරේ වෙනත් කිසිදු චිත්‍රපටයක රගපෑමට එක් නොවන බව ද කියා සිටියා. ඉන්දියාව මේ දවස්වල මැතිවරණ උණූසුමෙන් ඇලලි අැති අතර ඒ නිසා මාධ්‍යෙව්දීන් ඒ සම්බන්ධයෙන් ද අමීර්ගෙන් ප්‍රශ්ණ කළා. එහිදී අමීර් කියා සිටියේ තමන් කිසිදු පක්ෂයකට කඩේ නොයන බවයි. එහෙත් සෑම පුද්ගලයෙකුටම දේශපාලන මතයක් තිබිය යුතු බව ද සිය ඡන්ද අයිතිය අනිවාර්යෙන් භාවිත කරන්නැයි සියළ දෙනාගෙන් ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියා. 


තවත් කලා පුවත්

Previous
Next Post »