Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොළඹ සිනමා ශාලා සෝදිසි කිරීමට මහ නගර සභාව සැරසෙයි

Tuesday, August 12, 2014
කොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ පිහිටි සියලු සිනමා හල් පරීක්ෂා කිරීමට තීරණය කර තිබෙනවා. මෙම තීරනයට හේතු දක්වමින් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා ප්‍රකාශ කළේ, චිත්‍රපට ශාලාවල සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳව නරඹන්නන්ගෙන් ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹි බව යි.
තවදුරටත් කරුනු දක්වමින් ඔහු ප්‍රකාශකළේ නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලාවලට බලපත්‍ර අහිමි කරන බව යි. 
නිසි සනීපාරක්ෂක තත්ත්වයක් නොමැති සිනමා ශාලා ඇත්නම් ඒ පිළිබඳව වහා දැනුම් දෙන ලෙස ද කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා චිත්‍රපට නරඹන්නන්ගෙන් ඉල්ලා සිටියා.

එම පැමිණිලි දැනුම් දිය යුතු අංකය පහත දැක්වේ.
0112 696 594

තවත් කලා පුවත්

Previous
Next Post »