Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"අනගාරික ධර්මපාල" Trailer නිකුත් වෙයි

Monday, August 11, 2014
මෙරට ජීවත් වූ විශිෂ්ට පුරුෂයෙකු වන අනගාරික ධර්මපාලතුමන්ගේ චරිතය ඇසුරෙන් නිර්මාණය කෙරුණු "අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ" චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය මේවනවිට අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. පූජ්‍ය කිරම විමලජෝති හිමියන් සහ සුනිල් ටී ප්‍රනාන්දු මහතා විසින් නිෂ්පාදනය කෙරුණු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුයේ සනත් අබේසේකරයන් විසින්. රංගන ශිල්පී පාලිත සිල්වා එහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. සනත් අබේසේකරයන් පැවසුවේ ලබන සැප්තැම්බර් 17 වනදාට යෙදෙන අනගාරික ධර්මපාලතුමන්ගේ 150 වන ජන්ම සංවත්සරය වෙනුවෙන් මෙම චිත්‍රපටය නිර්මාණය කළ බවයි. කෙසේවෙතත් එය තිරගත කරන දිනය මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ වී නැහැ.

තවත් කලා පුවත්

Previous
Next Post »