Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රයිනි කෙට්ටු වෙයි

Saturday, August 09, 2014
මව්පියන් සමග අමෙරිකාවේ වෙස‍ෙන රයිනි චාරුකා කෙටි කාලයක් සදහා ඉකුත්දා ශ්‍රී ලංකාවට පැමිණියා. ලබන මස 05 වනදා ඇය නැවත මව්බිමෙන් පිටව යාමට නියමිතයි. මේ අතර තමන් දැන් ඉස්සරට වඩා කෙට්ටු වී ඇතැයි "දිවයින" ඉරිදා සංග්‍රහයේ "රිද්ම" පුවත්පත සමග සංවාදයකදී රයිනි ප්‍රකාශ කර තිබෙනවා. 2012 දී ඇගේ බර කිලෝග්‍රෑම් 80ටත් වඩා වැඩියිලු. ඒත් දැන් ඇගේ බර කිලෝග්‍රෑම් 69 යි. සිරුරේ බර මෙලෙස අඩුකරගත්තේ ව්‍යායාම හා ආහාර පාලනයෙන් බව ද රයිනි පවසනවා. ඒ දේවල් කරන්න පාසල් වියේදී වෙලාවක් තිබ්බෙ නෑලු. ඒ නිසාලු තමන් ඕනවටත් වඩා මහත් වුණේ. හැබැයි දැන් වුණත් දවසෙම නොකා ඉන්න නම් තමන්ට බැරි බවත් රයිනි පවසනවා. එහෙම නොකා ඉන්න එක මහා දුකක් කියලයි ඇය වැඩිදුරටත් කියා තිබෙන්නේ. තමන් වැඩියෙන්ම කන්න කැමති බත්, පොල් සම්බෝල හා කරවල බවත් ගෙදර උණත් වැඩියෙන්ම හැදෙන්නේ ඒ දේවල් බවත් ඇය කියා තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »