Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

වැඩිම ගාණකට විකිණෙන හොලිවුඩ් නිළියන්

Saturday, August 09, 2014
2013 - 2014 වසරේදී හොලිඩුඩයේ වැඩිම ආදායම් ඉපැයූ නිළියන් කවුරුන්දැයි අමෙරිකාවේ සුප්‍රකට Forbes සඟරාව විසින් අනාවරණ කර තිබෙනවා. ඊට අනුව අදාල කාලයේදී වැඩිම ආදායමක් උපයාගෙන ඇති හොලිවුඩ් නිළිය වන්නේ Sandra Bullock (සැන්ඩ්‍රා බුලොක්).  2013 දී Gravity සහ The Heat යන චිත්‍රපටවල රගපෑ ඇය ඒවායින් උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 50 ක්. The Hunger Games : Catching Fire චිත්‍රපටයේ රගපෑ Jennifer Lawrence (ජෙනිෆර් ලෝරන්ස්) මෙම ලයිස්තුවේ දෙවැන්නා වී තිබෙනවා. ඇය උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 34 ක්.  තුන්වැන්නා වී තිබෙන්නේ We are the Milers චිත්‍රපටයේ රගපෑ Jenifer Aniston (ජෙනිෆර් ඇනිස්ටන්). අදාල කාලයේදී අමෙරිකානු ඩොලර් මිලියන 19 ක් උපයාගෙන තිබෙන Gwyneth Paltrrow (ග්වින්ත් පැල්ට්‍රෝ) මෙම ලයිස්තුවේ හතරවැන්නයි. 2013 දී ඇය රගපෑ චිත්‍රපට අතරින් Iron Man 3 වඩාත් ජනප්‍රිය වුණා. ඇයට පිටුපසින් සිටින්නේ Angelina Jolie (ඇනජලීනා ජොලී) සහ Cameron Diaz (කැමරූන් ඩයස්). අදාල කාලයේදී ඔවුන් දෙදෙනා උපයාගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 18 බැගින්. Scarlet Johnson (ස්කාලට් ජොන්සන්) අමෙරිකානු ඩොලර් මිලියන 17 ක් ද Amy Adams (එමි ඇඩම්ස්) හා Natali Portman (නටාලි පෝට්මර්න්) අමෙරිකානු ඩොලර් මිලියන 13 බැගින් ද උපයාගෙන මෙම ලයිස්තුවේ හත්වන සහ අටවන ස්ථාන හිමිකරගෙන තිබෙනවා. Forbes සඟරාවට අනුව අදාල කාලයේදී වැඩිම ආදායම් ඉපැයූ හොලිඩුඩ් නිළියන් අතරින් 10 වැන්නා වී තිබෙන්නේ Kirsten Stewart (කර්ස්ටන් ස්ටුවර්ට්). ඇය උපයගෙන ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 12 ක්. 

Sandra Bullock

Jennifer Lawrence


Jenifer Aniston

Gwyneth Paltrrow


Angelina Jolie 


Cameron Diaz



Scarlet Johnson

Amy Adams 


Natali Portman


Kirsten Stewart





තවත් කලා පුවත්

Previous
Next Post »