Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අයි ෆෝනයෙන් රූගත කෙරෙන ලාංකික චිත්‍රපටයක්

Friday, August 08, 2014
දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන බූඩි කීර්තිසේන අළුත් විදිහේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරමින් සිටිනවා. මෙහි විශේෂත්වය තමයි සියළු රූගත කිරීම් අයි ෆෝන් වර්ගයේ ජංගම දුරකථනයකින් සිදුකිරීමයි. එලෙස අයි ෆෝන් ජංගම දුරකථනයකින් රූගත කෙරෙන ශ්‍රී ලංකාවේ පළමු චිත්‍රපටය ද මෙයයි. Adventures of Ricky Deen ලෙස මෙම චිත්‍රපටයට නම යොදා තිබෙනවා. එහි තිර රචනය සිදුකර තිබෙන්නේ බූඩි කීර්තිසේන සමග Onme Ekeh විසින්. දිමුතු කාලිංග විසින් එහි කැමරා අධ්‍යක්ෂණය සිදුකරනවා. මහේන්ද්‍ර පෙරේරා, පාලිත සිල්වා, සංගීතා වීරරත්න, ශලනි තාරකා සහ සමනලී ෆොන්සේකා මෙම චිත්‍රපටයේ නළු නිළියන් කිහිපදෙනෙක්. මහේන්ද්‍ර පෙරේරා ත්‍රිත්ව චරිතයක් ද පාලිත සිල්වා ද්විත්ව චරිතයක් ද නිරූපණය කරනවා. මේ වනවිටත් මෙහි පළමු අදියරේ රූගත කිරීම් අවසන් බවයි අපට වාර්තා වුණේ. දෙවන අදියරේ රූගත කිරීම් මේවනවිට සිදුකෙරෙනවා.  පහත දැක්වෙන්නේ මෙම රූගත කිරීම්වල අවස්ථා කිහිපයක්.












තවත් කලා පුවත්

Previous
Next Post »