අමෙරිකානු රංගන ශිල්පිනියක වන ඩෙමී මෝරේගේ (Demi Moore) ලොස්ඇන්ජලීස් නුවර පිහිටි නිවසක පිහිනුම් තටාකයේ තිබී මළ සිරුරක් හමුවී තිබෙනවා. මියගොස් ඇත්තේ වයස අවුරුදු 21 ක් පමණ වන පුද්ගලයෙකු බවයි බී බී සී ලෝක සේවය පවසන්නේ. ඔහු මෙම නිවසේ සේවය කළ අයෙකු බව පොලීසිය විශ්වාස කරනවා.
පොලීසිය අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ ආගන්තුක යමක් පිහිනුම් තටාකයේ පාවෙමින් ඇතැයි අසල්වාසීන් කළ දැනුම් දීමකට අනුවයි. රංගන ශිල්පිනි ඩෙමී මෝරේ හෝ ඇගේ දරුවන් තිදෙනා ඒ වනවිට නිවසේ රැදි සිට නැහැ.
මේ වනවිට 52 වන වියේ පසුවන ඩෙමී මෝරේ සිය කලින් ස්වාමි පුරුෂයා වූ ඇස්ටන් කුචර් සමග එක්ව අදාළ නිවස මිළදී ගෙන තිබෙනවා. එක් සමයකදි හොලිවුඩයේ ඉහළම ගාස්තු අයකළ රංගන ශිල්පිනියක ලෙසද ඇය ප්රකටව සිටි බවයි බී බී සී ලෝක සේවය කියාසිටියේ. Charlie's Angels ඇතුලු ජනප්රිය හොලිවුඩ් චිත්රපට ගණනාවකම ඇය රගපා තිබෙනවා.
EmoticonEmoticon