Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුරූපී නිළි සානා රිය අනතුරකින් මියයයි

Monday, March 10, 2014

පකිස්ථාන රංගන ශිල්පිණියක වන සානා ඛාන් රිය අනතුරකින් මියගොස් තිබෙනවා. ඇගේ සැමියා වන රංගන ශිල්පී බාබර් ඛාන් ද තුවාල ලබා අසාධ්‍ය තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඔවුන් එම අනතුරට ලක්ව ඇත්තේ මොටර් රථයකින් ගමන් කරමින් සිටියදී පකිස්ථානයේ හයිද්‍රබාද් නුවර සිට කිලෝමීටර් 30 ක් පමණ ඈතින් වූ ප්‍රදේශයකදීයී. බාබර් ඛාන් විසින් රථය පදවා ඇති අතර අනතුර සිදුව ඇත්තේ වේගය පාලන කරගැනීමට නොහැකි වීමෙන්. ඒ සම්බන්ධයෙන් තොරතුරු ලැබුණු වහාම පොලීසිය හා ගිලන් රථද අනතුර සිදුවූ ස්ථානයට පැමිණ තිබෙනවා. ඔවුන් විසින් සානා සහ බාබර් දෙදෙනා රෝහලක් කරා රැගෙන ගියන නමුත් ඒ වනවිටත් සානා මියගොස් සිටි බවයි වෛද්‍යවරුන් කියා සිටියේ. බාබාර් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ දෙදෙනා විවාහ දිවියට එලැබියේ 2013 වසරේදීයි. සානා රංගන ශිල්පිණියක් මෙන්ම නිරූපිකාවක් ලෙසත් පතිස්ථානයේ ජනප්‍රියයි. රූපවාහිනී ටෙලි නාට්‍ය මාලා කිහිපයකම ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. ඒවායෙන් වඩාත්ම ජනප්‍රිය වූයේ "පර්චියන්" නමැති ටෙලි නාට්‍යයි. ඇගේ නමින්ම ඉන්දීයාවේද තවත් ජනප්‍රිය රංගන ශිල්පිණියක් සිටිනවා.

සානා හා බාබර් විවාහයේ අවස්ථා කිහිපයක්






තවත් කලා පුවත්

Previous
Next Post »