Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නින්ද ගිහිං විනූ ට වූ කරදරේ

Sunday, March 09, 2014

මුලින්ම Miss Sri Lanka වූ විනු උදානි පස්සේ රංගනයට එක්වුණා. එවැනි රගපෑමක් අතරවාරයේ ඇයට සිදුවූ පුංචි අකරතැබ්බයක් ගැනයි මේ ප්‍රවෘත්තිය. විනූ ගිතයක රූප රචනයක් සදහා සහභාගී වෙමින් සිටියදී ආලෝක තත්වය දුර්වල වීම නිසා එම රූගතකිරීම් තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ වෙලාවෙදි කෙටි විවේකයක් ගන්න ඇය ඇගේ කාමරයට ගිහිං. හිටගෙන ඉන්න බැරි නිසා පුටුවක ඉදගෙන. මහන්සි නිසා ඇගේ ඇස් දෙකත් යාංතමට පියවෙලා. මෙහෙම ටිකක් වෙලා යද්දි රූගත කිරීම සදහා ආලෝක තත්වය නැවත සුදුසු තත්වයට පත්වෙලා. ඒ නිසා නිෂ්පාදන කණ්ඩායමේ කෙනෙක් ඇවිත් රූගතිකිරීම් වලට පැමිණෙන්නැයි විනූට කතාකරලා. එත් එතකොට විනූ පුටුව උඩම හොදටම නිදිලු. ඉතිං ඇයව අවදි කරවගන්න නිෂ්පාදන කණ්ඩායමට ලොකු මහන්සියකුත් ගන්න වෙලා. අන්තිමට සැලසුම් කලාටත් වඩා සෑහෙන වෙලාවත් වැය කරමින් රෑ එළිවෙනකංම රූගතකිරීම් සිදුකරන්නත් සිද්ධ වෙලා. 

කෙහොම ද විනූ ගේ නින්ද ?





තවත් කලා පුවත්

Previous
Next Post »