Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

විශ්ව කොඩිකාර ප්‍රේමය අතහැර රජගෙදර යයි

Friday, May 30, 2014
"චායා" සහ "අමා" වැනි ටෙලි නාට්‍ය වල ප්‍රේමණීය චරිත වලින් ජනප්‍රසාදයට පත්වූ විශ්ව කොඩිකාර දැන් රාජකීය චරිතයකට පණ පොවමින් සිටිනවා. ඒ මේ දිනවල රූගත කෙරෙමින් තිබෙන "කාල" නාට්‍යෙයේයි. මහේන්ද්‍ර පෙරේරා සහ ඩබ්ලිව්. ජයසිරි ද එහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. විශ්ව කොඩිකාර එහිදී නිරූපණය කරන්නේ උත්තිය සෙන්පතිවරයාගේ චරිතයයි. ධාතුසේන රාජසමය අලලා නිර්මාණය වන මෙම ටෙලි නාට්‍යයේ සියළු රූගත කිරීම් පොළොන්නරුවේදී සිදුකෙරෙනවා. මුලින් සැලසුම් කර තිබුණේ ආදාල රූගතකිරීම් මෙම මාසය ඇතුලත අවසන් කිරීමටයි. එහෙත් වැසි සහිත කාලගුණය හේතුවෙන් ඒ සදහා තවත් මාසයක් පමණ ගතවනු ඇති බවයි "කලාපූර්" වෙත වාර්තා වුණේ.


තවත් කලා පුවත්

Previous
Next Post »