Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මකුළුවෙක් BBC ය ආක්‍රමණය කරයි

Friday, August 15, 2014
BBC රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් අතරවාරයේ පසුගියදා අමුතු දෙයක් සිදුවුණා. ඒ නිවේදකයාට පිටුපසින් වූ තිරය මත යෝධ මකුළුවෙකු දිස්වීමෙන්. මෙම ප්‍රවෘතිත්තිය ප්‍රචාරය කෙරුණේ පෙරේදා (අගෝස්තු 13) යි. එහි නිවේදකයා වුණේ ග්‍රැහැම් ස්ටුවඩ්. ඔහුට පිටුපසින් වූ තිරය මත ප්‍රවෘත්තියට අදාල දර්ශන නිරූපණය කෙරුණා. ඒ සදහා යොදාගෙන තිබුණේ ප්‍රක්ෂේපණ යන්ත්‍රයක්. එවැනි ප්‍රක්ෂේපණ යන්ත්‍රයකින් තිරයක් මත පතිත කෙරෙන්නේ සැබෑ ප්‍රමණයට වඩා විශාල කෙරුණු දර්ශනයි. ඒ අනුව මෙහිදී සිදුවී තිබුනේ ප්‍රක්ෂේපණ යන්ත්‍රය මත හෝ එහි කිරන මගෙහි සිටි කුඩා මකුළුවෙකු තිරය මත විශාල වී නිරූපණය වීමයි. ඒ දුටු ඇතැම් ප්‍රේක්ෂකයන් විමතියට පත්වුණා. තවත් අයෙකුම හොඳටම සිනහ ගොස් තිබෙනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »