Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මොන්ට්‍රියල් ලෝක සිනමා උළලේ "දැකලා පුරුදු කෙනෙක්"

Thursday, August 21, 2014
මේ දිනවල කැනඩාවේ පැවැත්වෙන "මොන්ට්‍රියල් ලෝක සිනමා උළෙල" සදහා ශ්‍රී ලාංකික චිත්‍රපට 03ක් තරගවැද සිටිනවා. ඒ ප්‍රසන්න ජයකොඩිගේ "28" නිලේන්ද්‍ර දේශපියගේ  "තණ්හා රතී රගා" සහ මලිත් හෑගොඩගේ  "දැකල පුරුදු කෙනෙක්" යන චිත්‍රපටයි. මේවායෙන් 28 සහ තණ්හා රතී රගා යන චිත්‍රපට මීට පෙරත් මෙවැනි ජාත්‍යන්තර සිනමා උළෙල නියෝජනය කර තිබෙනවා. එහෙත් දැකල පුරුදු කෙනෙක් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කරන පළමු අවස්ථාව මෙයයි. මෙම සිනමා උළලේ දී සෑම චිත්‍රපටයක්ම අවස්ථා 03 දී තිරගත කෙරෙනවා. ඒ අනුව 28, ලබන 25, 27 සහ සැප්තැම්බර් 01 යන දිනවලීත්, තණ්හා රතී රගා ලබන 28, 29 සහ 31 යන දිනවලදීත් තිරගතවීමට නියමිතයි. දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය ලබන 23,24 සහ 26 යන දිනවලදී තිරගත වනවා. තවද මලිත් හෑගොඩගේ මෙම චිත්‍රපටය මෙහිදී තරග වදින්නේ " අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම නිර්මාණ" යන තරගකාරී අංශයෙන්. මන්ද දැකල පුරුදු කෙනෙක් යනු මලිත් හෑගොඩගේ ප්‍රථම වෘතාන්ත චිතුපටය වීමයි. විනාඩි 119 ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය සදහා සමාධි ලක්සිරි, බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් සහ ප්‍රසන්න මහගමගේ ඇතුළු පිරිසක් සිය රංගන දායකත්වය ලබාදෙනවා. පහත දැක්වෙන්නේ එහි ඡායාරූප පෙළක්.





තවත් කලා පුවත්

Previous
Next Post »