Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රියැදුරට නින්දගිහින් මේනකා අනතුරක

Friday, September 05, 2014
​ටෙලිනාට්‍යයක රූගත කිරීමක් සඳහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී රත්නපුර කහවත්ත ප‍්‍රදේශයේදී රංගන ශිල්පිනී මේනකා පීරිස් මෙනෙවිය රිය අනතුරකට ලක්ව රෝහල් ගත කර තිබෙනවා. ඇගේ මව සහ තවත් කිහිපදෙනෙකුද මෙම අනතුරින් තුවාල ලබා තිබෙනවා.  ඔවුන් ගමන් කළ වෑන් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වී පැති බැම්මක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි කලාපූර් හට වාර්තාවන්නේ . රියැදුරට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි මූලික විමර්ශනවලින් හෙළිව තිබෙනවා. කෙසේ වෙතත් තුවාල ලැබූවන් කිසිවෙකුගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ආරංචි කියා සිටියේ.

තවත් කලා පුවත්

Previous
Next Post »