Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇරබෙයි

Wednesday, September 03, 2014
කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල අද (සැප් : 03) සිට සාමාන්‍ය ප්‍රේක්ෂකයන් සදහා විවෘත වනවා. කොළඹ රීගල්, ජාතික චික්‍රපට සංස්ථාවේ තරංගනී, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් සහ මැජෙස්ටික් සිටි යන සිනමා ශාලාවලදී මෙහි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙනවා. ඒ සදහා තෝරාගෙන ඇති චිත්‍රපට ගණන 90ක්. මීට සමගාමීව චිත්‍රපට වැඩමුළු හා වටමේස සාකඡ්චා ද පැවැත්වෙනවා. පළමු වැඩමුළුව කොළඹ පදනම් ආයතනයේදී අද පැවැත්වීමට නියමිතයි. "කැමරාවෙන් සම්ප්‍රදාය බිඳීම "යන තේමාව යටතේ ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන රජීව් රවී විසින් එය මෙහෙයවනු ලබනවා.  කොළඹ පදනම් ආයතනයේදීම තවත් වැඩමුළු දෙකක් හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිතයි. කාලෝස් රෙගදාස් විසින් මෙහෙයනවු ලබන එම චිත්‍රපටයේ තේමාව වන්නේ  "සිනමාවේ චලන චිත්‍ර මෙහෙයවීම" යන්නයි. ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය විදහා දැක්වෙන් කෞතුකාගාරයක් ද මේ සමග ඉදිවී තිබෙනවා. ඒ කොළඹ 07 නිදහස් මාවතේ ජතික ලේඛනාගාර පරිශ්‍රයේ පිහිටි ජාතික චිත්‍රපට සංරක්ෂණාගරයේදීයි.
මෙම චිත්‍රපට උළෙල ලබන 07 වනදා දක්වා පැවැත්වෙනවා. එහිදී ප්‍රදර්ශණය කෙරෙන චිත්‍රපට, දර්ශන වේලාවන් සහ සිනමා ශාලා පහතින් සදහන්.






තවත් කලා පුවත්

Previous
Next Post »