Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනගාරික ශ්‍රීමතාණන්ටත් කැපිල්ලක් - සුනිල් ටී චිත්‍රපට අත්හරීයි

Wednesday, September 03, 2014
චිත්‍රපට නිෂ්පාදනයෙන් තමන් තාවකාලිකව ඉවත්වන බව සුනිල් ටී ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ නීතිඥ අශෝක සේරසිංහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස සිටින තාක් තමන් නැවත චිත්‍රපට අධ්‍යක්ෂණය නොකරන බවයි. මෑතදී හදුන්වාදුන් පිටපත් 35 නීතිය සම්බන්ධයෙන් ඔහු ක්‍රියාකරන්නේ දෙබිඩි ස්වරූපයකින් වීම ඊට හේතුව ලෙස ප්‍රකාශ කෙරුණා. තමන්ගේ නවතම චිත්‍රපටය වන "අනගාරික ශ්‍රීමතාණෝ " ද මෙයින් අසාධාරණයට ලක්වූ බවයි සුනිල් ටී ප්‍රනාන්දු පවසන්නේ. තමන් විසින් මේ දක්වා චිත්‍රපට 61 නිෂ්පාදනය කර ඇතැයි ද සිය ජීවිත කාලය තුළ චිත්‍රපට 100 ක් නිෂ්පාදනය කිරීම තමන්ට තිබූ සිහිනයක් බව ද ඔහු කියාසිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »