Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දුම්පානයට ඇබ්බැහිවූ බොලිවුඩ් නිළියන්

Monday, September 01, 2014
දුම්පානය යනු ප්‍රධාන පිළිකා කාරකයක්. ඒ විතරක් නෙමෙයි තවත් රෝග ගනනාවකටත් ඇතැම් කායික හා මානසික අබලතා ඇතිවීමටත් දුම්පානය හේතු වනවා. කෙසේවෙතත් තවමත් ලොව පුරා බොහෝ දෙනෙකු දුම්පානය සදහා ඇබ්බැහි වී සිටිනවා. එලෙස දුම්පානය කරන්නන් වැඩි දෙනෙකු පිරිමින් බවයි සාමාන්‍ය පිළගැනීම. ඒත් දැන් දැන් කාන්තාවන්ද සැලකිය යුතු පිරිසක් මෙම නරක පුරුද්දට හුරු වී සිටිනවා. ඒ සමහර අය ඔවුන්ගේ මව් රටේදී වගේම ලොව පුරාමත් ජනප්‍රිය චරිත වීම කණගාටුවට කරුණක්. මෙම වාර්තාවද දුම්පානයට ඇබ්බැහි වූ එවැනි ජනප්‍රිය කාන්තාවන් කිහිපදෙනකෙු ගැන. ඔවුන් සියළු දෙනාම බොලිවුඩ් රංගන ශිල්පිණියක්. වරක් ලෝක රූ රැජිණක් ලෙස ද කිරුළු පැලදි සුස්මිතා සෙන් ඒ අයගෙන් කෙනෙක්. ප්‍රසිද්ධ ස්ථානවල දුම්පානය කිරීම නිසා ඇය කිහිපවිටක්ම චෝදනාටන්ට ද ලක්වුණා. ඒත් දුම්පානය කිරීමේ නරක පුරුද්ද අතහැරගන්න ඇයට තවමත් බැරිවී සිටිනවා. සුරූපි රාණි මුඛර්ජීද දුම්පානයට තදින් ඇබ්බැහි වූ තැනැත්තියක්. දුම්වැටියක් ඉරීමෙන් තොරව දවස අරබන්න පවා ඇය බැරි බවයි ඇගේ ඥාතීන් පවසන්නේ. සරාගී රංගන ශිල්පිණියක වන කංගනා රනාවුට්ද ප්‍රසිද්ධ ස්ථාන වල පවා දුම්පානය කිරීමට  කිසිසේත්ම මැලි නෙවන්නියක්. එ්ත් හාස්‍යයට කරුණක් වන්නේ ඇයි දුම්වැටි විරෝධියෙකු ලෙස ද පෙනී සිටීමයි. දැන් වසර කිහිපයක් තිස්සේ පිළිකාවකින් පීඩා විදින මනීෂා කොයිරාළද දුම්පානයට තදින්ම ඇබ්බැහිවී සිටියා. කෙසේවෙතත් පිළිකාවට ගොදුරුවීමය පස්සේ නම් ඇය මෙම නරක පුරුද්දෙන් ටික ටික ඇත්වූ බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

තවත් කලා පුවත්

Previous
Next Post »