Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කැමරා ශිල්පී ඇන්ඩෘෘ ජයමාන්නයන් අභාවප්ප්‍රාප්ත වෙයි

Friday, August 29, 2014
මෙරට බිහිවූ විශිෂ්ඨතම කැමරා ශිල්පියෙකු ලෙස සැලකෙන ඇන්ඩෘෘ ජයමන්න මහතා අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. සිය ජීවිතයේ අවසන් කාලය ඔහු ගත කළේ ඉතාලියේයි. 1943 වසරේ නොවැම්බර් 09 වනදා උපන් ඇන්ඩෘෘ ජයමාන්න මහතා ශාන්ත ඇලෝෂියස් විද්‍යාලයෙන් අධ්‍යපනය ලැබුවා. හොඳම කැමරා ශිල්පියා ලෙස ඔහු ශ්‍රී ලාංකික සිනමා සම්මාන උළෙල වලදී සම්මානයට පාත්‍ර වූ අවස්ථා ගණන 12 ට වැඩියි. ටයිටස් තොටවත්තයන්ගේ හාරලක්ෂය චිත්‍රපටය ඔහුගේ විශිෂ්ඨතම කැමරාකරණය ලෙස සැලකෙනවා. එහිදී ඇතැම් දර්ශන රූගත කර ඇත්තේ කැමරාව මොටර් රථයක බැද එය ධාවනය කරවන අවස්ථාවේයි. සිගරට් කොටය සහ පිපෙන කුසුම යන කෙටි චිත්‍රපටවල අධ්‍යක්ෂවරයා වූයේ ද ඇන්ඩෘෘ ජයමන්න මහතායි. ගමේ විත්ති, ධර්මාධිකරණය, සිරි නිවස, සසල රුව සහ චල අචල වැනි රූපවාහිනී වැඩසටහන් ද ඔහු විසින් නිර්මාණ කෙරුණා.

තවත් කලා පුවත්

Previous
Next Post »